Tuesday, May 14, 2024
Home » ලොව පුරා වස­ර­කට බඩ­ගි­න්නෙන් මිලි­යන නව­යක ජන­තා­ව මිය යනවා

ලොව පුරා වස­ර­කට බඩ­ගි­න්නෙන් මිලි­යන නව­යක ජන­තා­ව මිය යනවා

නව­තම සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි­වෙයි

by damith
March 30, 2024 1:00 am 0 comment

ලෝකය පුරා වස­ර­කට කුස­ගින්න හේතු­වෙන් මිලි­යන නව­යක ජන­තා­වක් මිය යන බව නව­තම සමී­ක්ෂ­ණ­ය­කින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත. මේ අන්ද­මට කුසට ආහා­ර­යක් නැති කුඩා ළම­යින්, වැඩි­හි­ටි­යන් සහ සමා­ජයේ සර­ණක් අවශ්‍ය ආබා­ධි­ත­යන් ඇතුළු විශාල පිරි­සක් මිය යෑම වහාම වැළැ­ක්වී­මට පිය­වර ගත යුතුව ඇතැයි Govt of the Planets Ltd ආය­ත­නය පව­සයි.

එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ තිර­සර සංව­ර්ධන ඉලක්ක 2030 වන විට ලෝකයේ සෑම රට­කම ජන­තා­වට ආහාර සුර­ක්ෂි­ත­තාව, පාරි­ස­රික සුර­ක්ෂි­ත­තාව, ආදා­යම් සුර­ක්ෂි­ත­තාව ළඟා කර ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇත. එප­ම­ණක් නොව එම ඉලක්ක ජය ගැනී­මට සහශ්‍ර සංව­ර්ධන ඉලක්ක ද ලබා දී ඇත. ඒවා අනුව බොහො­ම­යක් රට­වල් මේ වන­වි­ටත් තම ආර්ථික සමාජ සංව­ර්ධන ක්‍රියා­කා­ර­කම් පෙළ ගස්වා තිබේ. එවන් පසු­බි­මක ලොව පුරා සාමය,සංව­ර්ධ­නය ළැදි නාය­ක­යන් සිය­ලු­දෙනා එක් කර ගනි­මින් කුස­ගින්න නිමා කිරී­මට පිළි­යම් යෙදීම හා ලොව පුරා සැමට නොමිලේ ආහාර, සෞඛ්‍ය, නවා­තැන් හා අධ්‍යා­ප­නය ලබා­දී­මට පිය­වර ගත යුතුව ඇතැයි ද සංවි­ධා­නය කියයි.

මේ සඳහා අත්වැල් බැඳ­ගෙන ලෝක­වා­සීන් සාම­කාමී හා සෞභා­ග්‍යය පිරි මනු­ෂ්‍ය­ත්ව­යට ගරු­ක­රන තැනක් බවට පත් කර ගන්න කට­යුතු කරමු යැයි Govt of the Planets Ltd ආය­ත­නය ප්‍රකාශ කර සිටියි.මේ සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙසත් http://www.twitter.com/GovPlanets වැඩි විස්තර ලබා ගත හැකි බවත් ඔවුහු පව­සති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT