Wednesday, May 15, 2024
Home » මහ­ර­ගම නගරය මැද බෝගසේ අත්තක් කඩා වැටී­මෙන් කාන්තා­ව­කට සහ පුද්ග­ල­ය­කුට තුවාල

මහ­ර­ගම නගරය මැද බෝගසේ අත්තක් කඩා වැටී­මෙන් කාන්තා­ව­කට සහ පුද්ග­ල­ය­කුට තුවාල

වාහන රැස­ක­ටත් බර හානි

by damith
March 30, 2024 1:02 am 0 comment

මහ­ර­ගම නගර මධ්‍යයේ ඇති බෝගසේ අත්තක් පෙරේදා (28) රාත්‍රි 7ට පමණ වර්ෂා­වත් සමඟ ඇතිවූ සුළං තත්ත්වය හමුවේ හදි­සියේ කඩා වැටී­මෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තා­වක සහ පුද්ග­ල­යකු තුවාල ලබා කළු­බෝ­විල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව මහ­ර­ගම පොලි­සිය පව­සයි.

අන­තු­රින් මෝටර් රථ­ය­කට ත්‍රිරෝද රථ දෙක­කට හා යතු­රු­පැ­දි­ය­කට හානි සිදුව ඇති බව පොලි­සිය කියයි. අන­තුර සිදු­වන අව­ස්ථාවේ දී අධික වර්ෂාව සහ සුළං තත්ත්ව­යක් පැවති අතර එම අව­ස්ථාවේ දී බෝග­සෙහි හයි­ලෙ­වල් මාර්ගයේ දෙසට පිහිටා තිබූ අඩි 70ක් පමණ දිගින් යුත් අත්තක් මෙසේ කඩා වැටී­මෙන් අන­තුර සිදුව තිබූ බව පොලි­සිය කියයි.

අන­තු­රත් සමඟ හයි­ලේ­වල් මාර්ගයේ වාහන ධාව­න­යට සම්පූ­ර්ණ­යෙන්ම බාධා එල්ල වී තිබූ අතර පොලි­සිය හා නගර සභාව එක්ව විනාඩි කිහි­ප­යක් ඇතු­ළත මාර්ගය යථා තත්ත්ව­යට පත් කළ බව පොලි­සිය පව­සයි. රෝහ­ල්ගත කළ දෙදෙ­නාගේ තත්ත්වය සාමාන්‍ය බව පොලි­සිය පව­සයි.

මෙම බෝග­සෙහි අන­තු­රු­දා­යක අතු කපා ඉවත් කර දෙන ලෙසත් අලු­යම් කාල­යේදී මෙම අන­තුර සිදු වූයේ නම් ජීවිත හානි රැසක් සිදු­වී­මට ඉඩ තිබිණි. එබැ­වින් මේ පිළි­බඳ අව­ධා­නය යොමු කොට කඩි­න­මින් අන­තු­රු­දා­යක අතු කපා ඉවත් කර දෙන ලෙසට ජන­තාව බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහ­ර­ගම පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චේලක රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් මත ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිශාන්ත අල්විස් මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.

කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT