Home » ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපති සහ ආරක්ෂක ලේකම් හමුවක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපති සහ ආරක්ෂක ලේකම් හමුවක්

by chanaka
April 3, 2024 3:19 pm 0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජේ.පී. ඒ ජයවර්ධන මහතා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඊයේ (02) හමුවිය.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්ද, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මුහීඩ් මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සාර්ථක කර ගැනීමට ලබාදුන් සහයෝගය අගයමින් ප්‍රධාන බලදක්ෂ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම්වරයා වෙත ස්තූතිය පළ කළ අතර සමරු තිලිණයක්ද පිරිනැමීය.

ඉදිරියේදී ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට සහයෝගය දැක්වීමට කැපවන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT