Home » ලොව වයස්ගතම පිරිමියා මිය යයි

ලොව වයස්ගතම පිරිමියා මිය යයි

by chanaka
April 3, 2024 2:59 pm 0 comment

ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇති බව එරට ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඊයේ රාත්‍රියේ ඔහු මිය ගොස් ඇත.

දරුවන් 11දෙනෙකුගේ පියෙක්වන ඔහු ගිනස් වාර්තා අතරට එක්වන විට මුනුබුරු මිනිබිරියන් 41ක්, මී මුනුබුරු මිනිබිරියන් 30 දෙනෙක් සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 පෙබරවාරි 4 වැනිදා ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තාවට යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා ඇතුලත් කරන විට ඔහු ඔහුගේ වයස අවුරුදු 112 යි දින 253 ක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT