Thursday, May 16, 2024
Home » ලංකාවට ගේන්න අවසර ලැබුණු වාහන – අලුත්ම කැබිනට් තීන්දුව

ලංකාවට ගේන්න අවසර ලැබුණු වාහන – අලුත්ම කැබිනට් තීන්දුව

by chanaka
April 2, 2024 1:14 pm 0 comment

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය ලැබුණි.

එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT