Home » ලොව ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 ශ්‍රී ලංකාවේ වගා කිරීමට නිර්දේශ කඩිනම් කරන්න

ලොව ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 ශ්‍රී ලංකාවේ වගා කිරීමට නිර්දේශ කඩිනම් කරන්න

-ඇමැති අමරවීරගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස්

by sachintha
April 17, 2024 2:25 am 0 comment

 

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pineapple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාවට කඩිනමින් නිර්දේශ ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

ලෝකයේ රසවත්ම අන්නාසි විශේෂ වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. එම නිසා අපේ රටේ වගා කරන අන්නාසිවලට ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතී. විශේෂයෙන් MD 2 අන්නාසි ප්‍රභේදයට දැනට විශාල ඉල්ලුමක් ලෝක වෙළෙඳපොළේ පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැත. මිහිරි රසයකින් හා අවම ආම්ලිකතාවකින් යුත් මේ අන්නාසි ප්‍රභේදය අප රටේ ද වගා කිරීමට කළ පර්යේෂණ ද සාර්ථක වී තිබේ.

මේ නිසා බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ මේ MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. දැනට කෘෂි අංශ නවීකරණ වැඩසටහන යටතේ මේ MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීමට ගොවීන් ද කැමැත්ත පළ කර ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT