Thursday, May 16, 2024
Home » වගඋත්තරකරුවන්ට නැවත නොතීසි
දේශබන්දු පොලිස්පති කළාට එරෙහි අගරදගුරුගේ පෙත්සම

වගඋත්තරකරුවන්ට නැවත නොතීසි

by mahesh
March 22, 2024 1:00 am 0 comment

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයක් සිදු කරන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අප්‍රේල් මස 02 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) දින නියම කළේය.

මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

පෙත්සම සම්බන්ධයක් වන නොතීසි එහි වගඋත්තරකරුවන්ට නිසි ලෙස ලැබී නොමැති බවට එහිදී විනිසුරු මඬුල්ලේ අවධානය යොමු විය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නැවත නොතීසි දන්වා යවන ලෙස නියම කළ විනිසුරු මඬුල්ල පෙත්සම වෙනත් දිනයක සලකා බැලීමට තීරණය කළේය.

පොලිස්පතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT