Home » ජාතික සමාජ සංව­ර්ධන ආය­ත­නයේ අව­සන් වසරේ ඉගෙ­නුම ලබන හිරු­ණිගේ සිහි­නය සැබෑ ­වෙයි

ජාතික සමාජ සංව­ර්ධන ආය­ත­නයේ අව­සන් වසරේ ඉගෙ­නුම ලබන හිරු­ණිගේ සිහි­නය සැබෑ ­වෙයි

දෙල්තොට ලිට්ලි­වැලි ගමට ලක්ෂ 12ක විය­ද­මින් පාල­මක්

by Gayan Abeykoon
April 2, 2024 1:08 am 0 comment
ඉදිකළ පාලම

ශිෂ්‍යත්ව පන්ති­ය­කට සහ­භාගි වීමට අධික වර්ෂාව මැද ඇළ­කින් එතෙර වී පාස­ලට යාමට උත්සාහ කරද්දී මෙයට මාස පහ­කට ඉහත දී සැඩ පහරේ

පාලම ඉඳිකිරීමට මුල් වූ දිරිය දියණිය වනජාතික සමාජ සංවර්ධන ආයතනයේ අවසාන වසරේ 
ඉගෙනුම ලබන හිරුණි සෞම්‍යා බස්නායක

පාලම ඉඳිකිරීමට මුල් වූ දිරිය දියණිය වන
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අවසාන වසරේ
ඉගෙනුම ලබන හිරුණි සෞම්‍යා බස්නායක

ගසා­ගෙන ගොස් පාසල් සිසු­වකු මර­ණ­යට පත්වීම රටම කම්පා කළ සිද්ධි­යකි.

දෙල්තොට ලිට්ලි­වැලි ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි කාන්දී­පන් දිවාන් නැමති සිසු­වාගේ මර­ණය ඇළ මාර්ගය හරහා පාල­මක් නැති නිසා සිදුවූ බවට එකි­නෙ­කාට චෝදනා කළ පිරිස සිද්ධියේ උණු­සුම මැකී යද්දී නිශ්ශබ්ද වූයේ ප්‍රශ්න­යට විස­ඳු­මක් සෙවීම කාල­යට බාර කර­මිනි.

මේ සිද්ධිය සම්බන්ධ පුවත් දුටු ජාතික සමාජ සංව­ර්ධන ආය­ත­නයේ අව­සාන වසරේ ඉගෙ­නුම ලබන බී. එම්. හිරුණි සෞම්‍යා බස්නා­යක ශිෂ්‍යාව තම සමාජ යුතු­කම ගැන කල්පනා කර­මින් ඒ වෙනු­වෙන් යමක් කර­න්නට සිතා ගත්තේ නැවත දිවාන් වැනි දරු­වකු ජල රකු­සාට බිලි­වීම වැළැ­ක්වීමේ අර­මු­ණිනි. ඇයගේ අව­සන් වසරේ කළ යුතු ප්‍රජා වැඩ ව්‍යාපෘ­ති­යට මේ ඇළ හරහා පාල­මක් ගොඩ නැඟී­මට තීර­ණය කළ ඇය පසු­ගි­යදා තම සිහි­නය යථා­ර්ථ­යක් කර­මින් පාලම විවෘත කළේ දිවාන්ගේ මව්පි­යන් ඇතුළු ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙනි.

පාලම ඉදිකිරීමට පෙර ඇළ මාර්ගය

පාලම ඉදිකිරීමට පෙර ඇළ මාර්ගය

ජල පහරට හසුවී මියගිය දිවාන් සිසුවා

ජල පහරට හසුවී මියගිය දිවාන් සිසුවා

කොළඹ නුගේ­ගොඩ පදිංචි හිරුණි තම ව්‍යාපෘ­ති­යට දෙල්තොට ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට අයත්  සුදු­වැල්ල ග්‍රාම නිල­ධාරී වසමේ ඇති  ලිට්ල්වැ­ලි­වත්ත තෝරා ගත්තාය. දමිළ ජන­තාව ජීව­ත්වන මේ ගමේ ඇළ හරහා පාල­මක් නැති­ක­මින් ගමේ මිනි­සුන්ට තම දෛනික කට­යුතු කර­ගෙන යෑමට සිදු­වන අප­හ­සුතා මඟ­හැ­ර­වීම ඇගේ අර­මුණ විය.

ලිට්ල්වැලි ගමට පැමිණි ඇය ගමේ මිනි­සුන් හා සාකච්ඡා කර ගමට අවශ්‍ය ප්‍රධා­නම අව­ශ්‍ය­තාව හඳු­නා­ගෙන ඇළ මාර්ගය හරහා පාල­මක් සැදීමේ මුල් පිය­වර ආරම්භ කළාය. රුපි­යල් ලක්ෂ 12ක් පමණ මුද­ලක් ව්‍යාපෘ­ති­යට අවශ්‍ය විය. තම ගමේ ප්‍රශ්න­යට විස­ඳුම් දීමට පැමිණි මේ තරු­ණි­යට ශක්ති­යක් වෙමින් සියලු ශ්‍රම දාය­ක­ත්වය ලබා­දී­මට ගම්වැ­සියෝ කැමැත්ත පළ කළහ.

පාලම ඉදි­කි­රී­මට අවශ්‍ය සිමෙන්ති,යකඩ,වැලි ඇතුළු අනෙ­කුත් ද්‍රව්‍ය ලබා ගැනී­මට ඇය විවිධ ආය­තන සම්බන්ධ කර ගත්තාය. සී ඇන්ඩ් වී යුනි­ව­ර්සල් බිල්ඩින් සේවා ආය­ත­නය මේ සඳහා නොමිලේ  තාක්ෂ­ණික සහාය දුන්නේය. ඒට්ක­න්ස්පෙන්ස් ආය­ත­නය මාල­දි­ව­යිනේ අධා­රන් හෝට­ලයේ  ඉංජි­නේරු අංශයේ සේව­ක­යන්ගේ පෞද්ග­ලික ආධාර ද ලබා­ගෙන හිරුණි සෞම්‍යා බස්නා­යක තම සිහි­නය යථා­ර්ථ­යක් කර පෙන්වූයේ විවේ­ච­න­යට වඩා වැඩි යමක් අපට සමා­ජය වෙනු­වෙන් කළ හැකි බව පෙන්ව­මිනි.

ඡායා­රූප – ගලහ සමූහ

සුබ මොහොතින් පාලම විවෘත කළ අයුරු.

සුබ මොහොතින් පාලම විවෘත කළ අයුරු.

 

ගම්වැසියන්ගේ සතුට

ගම්වැසියන්ගේ සතුට

 

 

 

 

 

අසේල කුරු­ළු­වංශ සහ ගලහ සමූහ - සී. කේ. වික්රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT