Home » දේවපතිරාජ-වාද්දුව මැදි වීරවරියන්ගේ සටන හෙට

දේවපතිරාජ-වාද්දුව මැදි වීරවරියන්ගේ සටන හෙට

by sachintha
April 26, 2024 1:52 am 0 comment

දේවපතිරාජ විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) – ලක්ෂි අභිමානී, සංජනා කාවින්දි, අචිනි දිනූෂා (ක්‍රීඩා භාර ආචාරිනී), මහේෂ් සඳරුවන් (ප්‍රධාන පුහුණුකරු), සුමුදු නිසංසලා (නායිකා), කේ.එස්.ඩබ්.ජේ. ද සිල්වා (විදුහල්පති), හිරුණි හංසිකා (උපනායිකා), දිනුෂා මනෝජි (කණ්ඩායම් භාර ආචාරිනි), රශ්මි නේත්‍රාංජලී, හිරුණිකා නිවර්තනි, මහිංසා නෙත්මිණි, පසු පෙළ (වමේ සිට) – දෙව්මි දහම්සා, හිරුණි කෞෂල්‍යා, විබුද්ධි හිරන්‍යා, අනුකි ඉමන්දි, ෂෙහාරා ඉඳුවරි, චමල්ෂා දෙව්මිණි, නෙතගී ඉසුරංජලී, සෙනුරි වාසනා, ශලනි ෂෙහාරා, චමීෂා නෙත්මි.

 

වාද්දුව මැදි විදුහල් කණ්ඩායම: පළමු පෙළ (වමේ සිට) – එරන්දි වර්ණකුලසූරිය (උපනායිකා), තරුෂි කුලසිංහ (සහාය පුහුණුකාරිනි), ගයත්‍රි ද සිල්වා (කාන්තා ක්‍රිකට් භාර ආචාර්ය), එස්.එම්. එගොඩගෙදර (නියෝජ්‍ය විදුහල්පති), නයනා දමයන්ති (විදුහල්පතිනිය), එම්.ඩී.එන්. ද සිල්වා (නියෝජ්‍ය විදුහල්පති), නිශාන්ති කුමාරරත්න (සහකාර විදුහල්පතිනි), ධනුෂ්ක පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), මලිති අවිශ්කා (නායිකා), පසු පෙළ – දෙව්මිනී භාග්‍යා, ඔනාලි අදීෂා, තෂ්මිලා රුවන්තාරකී, හසන්‍යා දිනෙත්මි, අචිනි මල්ෂිකා, සසිනි හංසනී, උමේෂි ප්‍රබෝදනී, රුබීනා තීර්ෂා, සෙතුලි සිතංගා, චිරයු අසිංසනි, ගොමේෂා චරිත්‍රි, දිනුරි රසංගා, බුද්ධි දිනේෂිකා, මේතුම්යා රිත්මලී, සයුරි සෙව්මිණි, නිල්නෙතු අහස්නා, නෙත්මි නිහාරා.

ඡායාරූප – කරන්දෙණිය සමූහ

 

රත්ගම දේවපතිරාජ විදුහල සහ වාද්දුව මධ්‍ය මහ විදුහල අතර පළමු ‘වීරවරියන්ගේ සටන’ බාලිකා වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (27) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු සහ බස්නාහිර පළාත් දෙක නියෝජනය කරනු ලබන රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය අතර පළමු තරගය මෙවර දේවපතිරාජ විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ මංගල තරගයේදී දේවපතිරාජ කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා සුමුදු නිසංසලා මෙහෙයවන අතර, වාද්දුව මධ්‍ය මහ විදුහල් පිල මලිති අවිශ්කා මෙහෙයවන්නීය.

රත්ගම දේවපතිරාජ විදුහල 2011 වසරේදී බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අතර, අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලි 7ක ජය ලබා ඇති ඔවුන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 7ක් දායාද කොට දී ඇත.

කවීෂා දිල්හාරි, උමාෂා තිමේෂානි, සත්‍යා සංදීපනී, සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, කාව්‍යා කාවින්දි සහ ශෂිනි ගිම්හානි ඒ අතර සිටිති.

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය 2016 වසරේදී බාලිකා ක්‍රිකට් ආරම්භ කළ අතර, 2020 වසරේ අවුරුදු 19න් පහළ තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල නියෝජනය කළ ක්‍රීඩිකා නෙත්මි සේනාරත්න, නවෝද්‍යා නෙත්මිණි, ශාවින්දි කුරේ, මනෝහාරි නිසංසලා සහ විමෝක්ෂා භාෂිනී යන සංවර්ධන සංචිතයේ ක්‍රීඩිකාවන් මේ විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එක් වූහ.

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන සහ ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT