Monday, May 6, 2024
Home » නුවරඑළිය ගාමිණී-ශුද්ධ වූ ත්‍රිත්ව පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම හෙට සහ අනිද්දා

නුවරඑළිය ගාමිණී-ශුද්ධ වූ ත්‍රිත්ව පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම හෙට සහ අනිද්දා

by sachintha
April 26, 2024 1:53 am 0 comment

ගාමිණී මැදි විදුහල් පිල: ඉදිරි පෙළ (වමේ සිට) යසිත් මෙනුෂාන් (උපනායක), විපුල් ප්‍රනාන්දු මහතා (පුහුණුකරු), මහේෂ් ද සිල්වා මහතා (නියෝජ්‍ය විදුහල්පති), නිමල් කුමාරදාස මහතා (විදුහල්පති), ගාමිණී දිසානායක මහතා (නියෝජ්‍ය විදුහල්පති), නිලංග බණ්ඩාර (ක්‍රීඩා භාර ආචාර්ය), සෙව්ජිත් විදුනෙත (නායක), පසු පෙළ (වමේ සිට) භාෂණ මිහිමල්, සදේශ් දෙනුහස්, ජනනු ආදිත්‍ය, සෙනුර දම්ප්‍රිය, සිතුම් ගීතාංජන, රවිඳු කල්හාර, දහම් සෙනෙවිරත්න, උපෙක් අබේරත්න, කවීෂ් චේතිය, ප්‍රශාන් නිමන්ත, ෂේන් ප්‍රනාන්දු, සසඳ මදනල, ගමිත සන්දේශ්.

ශුද්ධ වූ ත්‍රිත්ව මධ්‍ය විද්‍යාලයීය පිල: ඉදිරි පෙළ (වමේ සිට) එන්. කවිෂාන්, එස්.ඩිල්රුක්ෂාන්, එස්.ට්‍රිෂාන්, එම්. ප්‍රවීන්කුමාර්, එස්. යදුෂාන්, එස්. දිනුෂාන්, පී. දුෂාන්ත්, බී. නික්ෂාන්, බී. නවීන්, පසු පෙළ (වමේ සිට) ආර්. ගෝබික්‍රිෂ්ණ (නායක), වී.සිමියොන් (උපනායක), එල්.ඩී. ටෝනි ග්‍රෙග්, එස්.යදූර්ෂාන්, වී.දර්ශන්, කේ. විජිත්, ටී.සෙබස්තියන්, එල්. ග්‍රේෂන්.

නුවරඑළිය ගාමිණී ජාතික පාසල සහ ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ‘පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම’ දෙවැනි වරටත් මේ මස 28 සහ 29 දෙදින නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුහදතාව වර්ධනය කිරීම සඳහා ජාතීන් දෙකක් අතර මෙරට පැවැත්වෙන එකම පාසල් මහා ක්‍රිකට් තරගය මෙය වේ.

පසුගිය වසරේ පළමුවරට පැවති තරගය වර්ෂාව හේතුවෙන් ජයපරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර, මෙවර තරගයේදී දෙපිලම ජයග්‍රහණය උදෙසා දැඩි සටනක නිරතවනු ඇත. නුවරඑළිය දිස්ත්‍රික් සංචිතයට ඇතුළත්ව සිටින ගාමිණී ජාතික පාසලේ ක්‍රීඩකයන් වන ජනනු ආදිත්‍ය, යසිත් මෙනුෂාන් සහ දහම් නයනජිත් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර, සෙව්ජිත් විදුනෙත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

ආර්. ගෝබික්‍රිෂ්ණ ශුද්ධ වූ ත්‍රිත්ව මැදි විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර, තවත් කැපීපෙනෙන දස්කම් ඇති ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමට ඇතුළත්ය. නුවරඑළිය දිස්ත්‍රික් සංචිතයට ඇතුළත්ව සිටින වේගපන්දු යවන ටෝනි ග්‍රෙග් මෙවර තරගයේ වැඩිම අවධානයට ලක්වන ක්‍රීඩකයා බවට පත්වී ඇත. ශුද්ධ වූ ත්‍රිත්ව විදුහලේ විදුහල්පති එස්. රවිචන්ද්‍රන් මහතාගේ මඟපෙන්වීමත්, පුහුණුකරු ඒ. ඩේවිඩ් රෙල්ෆ් මහතාගේ පුහුණු උපදේශකත්වත් මත මෙවර තරගයේදී එම විදුහල් පිල ගාමිණී ජාතික පාසල් කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT