Sunday, May 19, 2024
Home » හෝමා­ගම හඳ­යාගේ ගෝලයා ‘ටිකා’ හෙරො­යින් ග්‍රෑම් 15ක් එක්ක කොටු

හෝමා­ගම හඳ­යාගේ ගෝලයා ‘ටිකා’ හෙරො­යින් ග්‍රෑම් 15ක් එක්ක කොටු

by damith
May 6, 2024 12:55 am 0 comment

මහා පරි­මාණ හෙරො­යින් ජාවා­ර­ම්ක­රු­වකු වන ‘හෝමා­ගම හඳයා’ යන අයගේ ප්‍රධාන ගෝල‍යකු වන ‘ටිකා’ නමැති පුද්ග­ල­යෙකු විසින් අලෙ­වි­යට සන්ත­කයේ තබා­ගෙන සිටි හෙරො­යින් ග්‍රෑම් 15 ක්ද සමඟ කහ­තු­ඩුව පොලි­ස්‌ ­අ­ප­රාධ විම­ර්ශන අංශය මඟින් ඉකුත් 04 වන දින අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලි­සිය පැව­සීය. සැක­කරු මත්තේ­ගොඩ පදිංචි වයස අවු­රදු 38 ක් වන අතර හෙරො­යින් පාන­යට ඇබ්බැ­හිව සිටින අය­කුද වන අතර මහා පරි­මා­ණ­යෙන් ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් ලබා ගන්නා හෙරො­යින් තොග හා සිල්ලර වශ­යෙන් දීර්ඝ­කා­ලී­නව හෝමා­ගම, ගල්කිස්ස, පිළි­ය­න්දල, කහ­තු­ඩුව, හොරණ, මොර­ටුව යන ප්‍රදේ­ශ­ව­ලට ඊසි­කෑෂ් ක්‍රම­යට බෙදා­හැර ඇති බව අනා­ව­ර­ණය වී ඇතැ­යිද පොලි­සිය පැව­සීය.

සැක­කරු විසින් සිය මව­ගෙන් රුපි­යල් 170,000ක මුද­ලක් කප්පම් වශ­යෙන් ඉල්ලා හිරි­හැර කරන බව­ටත් එම කර­දර ඉව­සා­ගත නොහැ­කිව තමන් නි‍ෙවස වසා දමා මාතලේ පදිං­චිව සිටින අතර මොහු තම නි‍ෙවස බිඳ එහි තිබූ ලැප්ටොප්, පිත්තල භාණ්ඩ ඇතුළු දේපළ සොරා­ගත් බවට මව විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව සිදු කළ විම­ර්ශ­න­යට අනුව සැක­කරු මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැ­යිද සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කිරී­මේදී මෙම තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැ­යිද පොලි­සිය කියයි. සැක­කරු සොරා­ගත් දේපල සොයා ගැනී­ම­ටත්, මහා­ප­රි­මාණ ජාවා­ර­ම්ක­රු­වන් සම්බන්ධ බැවින් ඒ පිළි­බඳ විම­ර්ශන කට­යුතු සඳ­හාත් සැක­කරු අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන ප්‍රශ්න කර‍ෙ­ගන යන බවත් පොලි­සිය පැව­සීය.

වැඩි­දුර පරී­ක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලි­ස්‌ ­අ­ධි­කාරී ප්‍රසන්න බ්‍රාහ්ම­ණගේ මහ­තාගේ අධී­ක්ෂ­ණය මත කහ­තු­ඩුව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ.එම්.කේ.ප්‍රිය­න්කර මහ­තාගේ උප­දෙස් මත අප­රාධ විම­ර්ශන අංශය ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පැතුම් අංජන මහ­තාගේ මෙහෙ­ය­වීම මත පොලිස් කොස්‌තා­ප­ල්වරු වන 8436 ප්‍රියං­කර, 93580 දිල්ෂාන්, 18808 සේනා­ධීර යන නිල­ධා­රීන් විසින් සිදු කර‍ෙ­ගන යනු ලබයි.

දෙහි­වල- ඩී.පී.හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT