Sunday, May 19, 2024
Home » පොකට් ගැසූ මහ­නු­වර පොලිස් කත මාට්ටු

පොකට් ගැසූ මහ­නු­වර පොලිස් කත මාට්ටු

by damith
May 6, 2024 12:55 am 0 comment

මහ­නු­වර ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් අලෙ­වි­ස­ලක දී කාන්තා­ව­කගේ මුදල් පසු­ම්බිය සොරා ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදු­කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් පසු…මහ­නු­වර පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය විසින් කාන්තා පොලිස් කොස්ා­ප­ල්ව­රි­යක පෙරේදා (04) සැක­පිට අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ.

සිංහල අලුත් අවු­රුද්ද නිමි­ත්තෙන් පසු­ගිය 09 වැනි දින අදාළ නිමි ඇඳුම් අලෙ­වි­සල වෙත ගොස් තිබෙන පැමි­ණි­ලි­කා­රිය ඇඳුම් තෝර­මින් සිට පසුව බෑගය පරික්ෂා කිරීමේ දී මුදල් පසු­ම්බිය එහි නොමැති බව දැක ඇත.

මුද­ලින් රුපි­යල් 35000 ක් ද රුපි­යල් 5000 ක වටි­නා­ක­මින් යුත් ත්‍යාග වවු­චර හත­රක් ද රුපි­යල් 40000 ක් වටිනා ජංගම දුර­ක­ත­නය ද බෑගයේ තිබී සොරා­ගෙන තිබෙන බවට ඇය කළ පැමි­ණි­ල්ලක් මත විම­ර්ශන කළ පොලි­සිය පැමි­ණි­ලි­කා­රි­යගේ අත්බෑ­ගය විවෘත කර තවත් කාන්තා­වක් විසින් මුදල්, ත්‍යාග වවු­චර හා ජංගම දුර­ක­ත­නය සොරා ගන්නා අයුරු සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ තහ­වුරු කර­ගෙන තිබේ.

එහි දර්ශන ඔස්සේ තව­දු­ර­ටත් පරී­ක්ෂණ කළ පොලි­සිය අදාළ සොර­කම සිදු­කර ඇත්තේ පූජා­පි­ටිය පොලි­සි­යට අනු­යු­ක්තව සේවය කරන පොලිස් කොස්තා­ප­ල්ව­රි­යක බව තහ­වුරු කර ගැනී­මෙන් පසු පෙරේදා (04) ඇයව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගෙන ඇත.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT