Sunday, May 19, 2024
Home » කුරු­ණෑ­ගල සමුප රෝහල් සේව­කයෝ සහ ආර්ඩීඒ සේව­කයෝ කොඩි කණු­ව­ලට හැප්පෙති

කුරු­ණෑ­ගල සමුප රෝහල් සේව­කයෝ සහ ආර්ඩීඒ සේව­කයෝ කොඩි කණු­ව­ලට හැප්පෙති

by damith
May 6, 2024 12:55 am 0 comment

කුරු­ණෑ­ගල සමු­ප­කාර ආරෝග්‍ය ශාලාවේ සේවක පිරි­සක් සහ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් කාර්යා­ලයේ සේවක පිරි­සක් අතර හට­ගත් ගැටු­ම­කින් තුවාල ලැබූ දෙපා­ර්ශ්ව­යේම පස් දෙනකු රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබ­මින් සිටින බව වාර්තා වේ.

කුරු­ණෑ­ගල කොළඹ මහා­මා­ර්ගය බෙදා වෙන් කරන මැද තීරුවේ සමු­ප­කාර ආරෝග්‍ය ශාලාවේ කොඩි කණු සිටු­වී­මක් සම්බ­න්ධ­යෙන් මේ ගැටුම හට­ගෙන තිබේ. සමු­ප­කාර ආරෝග්‍ය ශාලාවේ පැවැ­ත්වෙන උත්ස­ව­යක් සඳහා මාර්ගයේ මැද තීරුවේ සිටුවා තිබූ කොඩි කණු උත්ස­වය පැවැ­ත්වෙ­මින් තිබූ අව­ස්ථා­වේ­දීම මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සේවක පිරි­සක් පැමිණ බල­හ­ත්කා­ර­යෙන් ගලවා ඉවත් කිරීම සම්බ­න්ධ­යෙන් දෙපා­ර්ශ්ව­යේම සේවක පිරි­සක් අතර ඇති වූ බහි­න්බස් වීමක් ගැටු­මක් දක්වා දුර­දිග ගොස් තිබූ බව සමු­ප­කාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය. මේ ගැටු­මෙන් පහර කෑමට ලක් වූ තම කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් දෙදෙ­නකු රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

විශේෂ අව­ස්ථා­ව­කදී පම­ණක් සමු­ප­කාර ආරෝග්‍ය ශාලාවේ කොඩි ආය­තන පරි­ශ්‍රය ඉදි­රි­පිට ඇති මාර්ග කොටසේ පම­ණක් දිගු කලක සිට සිටු­වන බව පැවසූ හෙතෙම කිසිදු දැනු­වත් කිරී­ම­කින් තොරව ඒවා ගලවා ඉවත් කිරීම මේ ගැටු­මට හේතුව බවද පැව­සීය. කුරු­ණෑ­ගල නගර මධ්‍යයේ විවිධ ආය­තන සිටු­වන කොඩි කණු සම්බ­න්ධ­යෙන් මාර්ග සංව­ර්ධන අධි­කා­රිය නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කරන බවට ඔහු චෝදනා කළේය.

මේ චෝදනා සම්බ­න්ධ­යෙන් කළ විම­සී­ම­කදී මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජි­නේරු ඩබ්.ඒ.කේ. හුණු­කු­ඹුර මහතා පැව­සුවේ ප්‍රධාන මාර්ගය මැද කොඩි කණු සිටු­වීම සම්පූ­ර්ණ­යෙන්ම නීති විරෝධී ක්‍රියා­වක් වන බවයි. එසේ කොඩි කණු සිටු­වීම මාර්ගයේ ධාව­නය කර­වන රථ­වා­හ­න­ව­ලට අන­තු­රු­දා­යක තත්ත්ව­යක් බව පෙන්වා දුන් හුණු­කු­ඹුර මහතා එම කොඩි කණු ගලවා ඉවත් කරන ලෙස කීප වරක්ම දන්වා සිටි­යද ඒවා ඉවත් නොකර තිබූ බවද කීය. ඒ අනුව එම කණු ඉවත් කිරී­මට යෑමේදී තම ආය­ත­නයේ සේවක පිරි­ස­කට සමු­ප­කාර ආරෝග්‍ය ශාලාවේ කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් එක්ව පහර දීමක් කර ඇති බවද රාජ­කා­රියේ නිර­තව සිටි රජයේ සේව­ක­යන් පිරි­ස­කට පහර දීම බර­ප­තළ වර­දක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කුරු­ණෑ­ගල අති­රේක - පුෂ්ප­කු­මාර ජය­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT