Sunday, May 19, 2024
Home » කඩ හිමි­යන්ගේ ගැට­ලු­ව­ලට සහ­න­යක් ඉල්ලා ජන­ප­තිට ලිපි­යක්
මැද කොළඹ වෙළෙඳ සංකී­ර්ණය

කඩ හිමි­යන්ගේ ගැට­ලු­ව­ලට සහ­න­යක් ඉල්ලා ජන­ප­තිට ලිපි­යක්

by damith
May 6, 2024 12:55 am 0 comment

මැද කොළඹ වෙළෙඳ සංකී­ර්ණය සාන්ත ජෝන් පැරණි මාළු වෙළෙඳ ගොඩ­නැ­ඟිල්ල වෙන­ස්කොට ඉදි­ක­රන ලද මහල් ගොඩ­නැ­ඟිල්ලේ වෙළෙ­ඳ­ස­ල්වල හිමි­ක­රු­වන් තමන් මුහු­ණදී සිටින ගැටලු සම්බ­න්ධ­යෙන් සහ­න­යක් ලබා­දෙන ලෙස ඉල්ලා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙත මැද කොළඹ වෙළෙඳ සංකී­ර්ණයේ වෙළෙඳ සංග­මය විසින් ඉල්ලී­මක් ඉදි­රි­පත් කර තිබේ. එම වෙළෙ­ඳ­සල් හිමි මැද කොළඹ වෙළෙඳ සංකී­ර්ණයේ වෙළෙඳ සංග­මයේ සභා­පති එම්. ෂිහාඩ් රහීම්, ප්‍රධාන ලේකම් පී. දේව­ලෙන්ම සහ භාණ්ඩා­ගා­රික එස්.රාම­ච­න්ද්‍රන් යන අයගේ අත්ස­නින් යුතුව මෙම ලිපිය ජනා­ධි­ප­ති­ව­රයා වෙත යොමු­කර තිබේ.

අදාළ වෙළෙඳ සංකී­ර්ණය බිම් මහලේ ගෝල්ඩ් සෙන්ටර් නමින් වෙළෙඳ ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­ත්මක වන අතර ඒ තුළින් නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යට රුපි­යල් ලක්ෂ ගණ­නින් පාඩු සිදු වී ඇති බව එම ලිපියේ සඳ­හන් වේ. එසේම අදාළ වෙළෙඳ සංකී­ර්ණයේ වෙළෙ­ඳ­සල් 100ක් පමණ සීල් තැබීම සහ පවරා ගැනීම හේතු­වෙන් මේ වන විට වසා දමා ඇති අතර ඒ තුළින් රජ­යට අය විය යුතු විශාල ආදා­ය­මක් අහිමි වී ගොස් ඇත. අදාළ වෙළෙඳ සංකී­ර්ණයේ විදුලි සෝපාන දෙකෙන් එකක් කැඩී ගොස් බොහෝ කලක් ගත වී ඇතත් එය අලු­ත්වැ­ඩියා කොට පරි­හ­ර­ණ­යට මේ දක්වා ලබා­ගෙන නොමැත. දැනට ක්‍රියා­ත්මක වෙමින් තිබෙන අනෙක් සෝපා­නය ද සති­ය­කට දෙතුන් වතා­වක් දෝෂ මතු­වීම නිසා පැමි­ණෙන පාරි­භෝ­ගික ජන­තා­වට සහ වෙළෙ­ඳ­සල් පව­ත්වා­ගෙන යනු ලබන සේව­ක­යන්ට ද බල­වත් අප­හ­සු­තා­වට මුහු­ණ­දී­මට සිදු­වන බව ද පැවසේ. මෙම වෙළෙඳ සංකී­ර්ණයේ පිරි­සුදු කිරීමේ කට­යුතු ද ඉතා පහළ මට්ට­මක පව­තින අතර පාරි­භෝ­ගි­ක­යන්ට සිය වාහන ගාල් කිරීම සඳහා ප්‍රමා­ණ­වත් ඉඩ­ප­හ­සු­කම් නැති වීම තවත් ගැට­ලු­වක් බව යවන ලද ලිපියේ සඳ­හන් වේ.

මැද කොළඹ සමූහ - ආරි­ය­රත්න ගනේ­ගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT