Sunday, May 19, 2024
Home » ග්‍රාම නිල­ධා­රීන් අද සහ හෙට නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යක

ග්‍රාම නිල­ධා­රීන් අද සහ හෙට නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යක

by damith
May 6, 2024 12:55 am 0 comment

ශ්‍රී ලංකා ග්‍රාම නිල­ධාරී සේවය ස්ථාපිත නොකි­රීම, ඊට අනන්‍ය වැටුප් තල­යක් නොදීම ඇතුළු කරුණු කිහි­ප­ය­කට විස­ඳුම් ඉල්ලා ග්‍රාම නිල­ධා­රීන් අද (06) සහ හෙට (07) නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යක නිරත වීමට තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා ග්‍රාම නිල­ධා­රීන්ගේ සංග­මය ඊයේ (05) මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් එහි සභා­පති සංජීව අතු­කෝ­රල මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“දිව­යින පුරා සිටින ග්‍රාම නිල­ධා­රීන් මේ වෘත්තීය ක්‍රියා­මා­ර්ගයේ නියැ­ළෙ­නවා. වසර හැට­කට අධික දීර්ඝ කාල­යක් පුරා දිගින් දිග­ටම ග්‍රාම නිල­ධා­රීන් විසින් ඉල්ලීම් ඉදි­රි­පත් කර තිබු­ණත් මේ දක්වා සාධ­නීය මැදි­හ­ත්වී­මක් සිදු කර නෑ. අන් කවර සේවා­ව­ක­ටත් වඩා බර­ප­තළ පසු­බෑ­ම­කට ග්‍රාම නිල­ධාරී සේවය ලක් කර තිබෙ­නවා.

වඩාත් කාර්ය­ක්ෂම සහ ඵල­දායී මහ­ජන සේවා­වක් පව­ත්වා­ගෙන යෑමට දිය යුතු ග්‍රාම නිල­ධාරී දීමනා නොදී­මෙන් ගන්නා සොච්චම් වැටුප රාජ­කාරි ඉටු කිරීම සඳහා යෙද­වී­මට සිදුවී තිබෙ­නවා.

2025 අය-වැය යෝජනා ඉදි­රි­පත් කරන තෙක් යෝජ­නාවී ඇති ඉන්ධන සහ නිල ඇඳුම් දීම­නාව නොලැබී යෑම, රටේ මූලික නීතිය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තීන් උල්ලං­ඝ­නය කර­මින් කැඳවා ඇති වෘත්තීය ක්‍රියා­මා­ර්ග­ව­ලට ප්‍රාදේ­ශීය පරි­පා­ල­න­යෙන් බල­හ­ත්කා­රය හා බල­පෑම් කර­මින් වෙනත් නිල­ධා­රීන්ගේ රාජ­කාරි කට­යුතු පැව­රීම් යන කරු­ණුත් මේ වෘත්තීය ක්‍රියා­මා­ර්ග­යට බලපා තිබෙ­නවා.”

නුවන් කොඩි­කාර සහ මීගොඩ - බී. කේ. කත්‍රි­ආ­රච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT