Sunday, May 19, 2024
Home » නාවික සෙබළා යාත්‍රාව තුළදී වෙඩි තබා­ගෙන දිවි නසා­ගනී

නාවික සෙබළා යාත්‍රාව තුළදී වෙඩි තබා­ගෙන දිවි නසා­ගනී

by damith
May 6, 2024 12:53 am 0 comment

කිළි­නො­ච්චිය මුලං­ගා­විල් නාවික හමුදා කඳ­වුරේ සේවය කරන නාවික හමුදා භට­යකු මුහුද මැදදී නාවික යාත්‍රා­වක් තුළදී වෙඩි තබා­ගෙන පෙරේදා (04) සිය­දිවි හානි කර­ගෙන තිබේ.

නාවික හමු­දා­වට අයත් යාත්‍රා­වක් තුළ වූ ගිනි අවි­ය­කින් ඔහු වෙඩි තබා­ගෙන සිය­දිවි හානි කර­ගෙන ඇති නමුත් ඊට හේතුව කුම­ක්දැයි මෙතෙක් අනා­ව­ර­ණය වී නැත. මෙසේ මිය­ගොස් ඇත්තේ සිරි­පුර පදිංචි ප්‍රේම­රත්න නමැති නාවික සෙබ­ළෙකි.ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සඳහා මුලං­ගා­විල් රෝහල වෙත භාරදී ඇති මුලං­ගා­විල් පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යයි.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT