Sunday, May 19, 2024
Home » උඩු­කායේ ගෙට රිංගූ පීසීගේ වැඩ තහ­නම්

උඩු­කායේ ගෙට රිංගූ පීසීගේ වැඩ තහ­නම්

by damith
May 6, 2024 12:52 am 0 comment

මාලි­ම්බඩ උඩු­කායේ පිහිටි නිවෙ­ස­කට හොර රහසේ ඇතුළු වීමට උත්සහ දැරූ මාලි­ම්බඩ පොලි­සියේ කොස්තා­ප­ල්ව­ර­යකු ගම්වැ­සි­යන් විසින් පහර දී අල්ලා පොලි­සි­යට භාර දී ඇති අතර, මාතර පොලිස් අධි­කා­රි­ව­රයා විසින් ඔහුගේ වැඩ තහ­නම් කිරී­මට පිය­වර ගෙන තිබේ.

දෙණි­පි­ටිය උඩු­කාව මේන­වත්ත පිහිටි නිවෙ­සක් අස­ලදී ගම්වැ­සි­යන් මේ කොස්තා­ප­ල්ව­රයා අල්ලා­ගෙන ඇත්තේ රැක සිටිය. ඒ ඔහු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු බව නොදැ­නය.

මේ කොස්තා­ප­ල්ව­රයා ඒ නිවෙසේ කාන්තාව‍ෙ සමඟ අනි­යම් ඇසු­රක් පව­ත්වන බවත්, හොරෙන් එහි රිංගන්නේ ඒ බැවින් බවත් විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ. පොලිස් කොස්තා­ප­ල්ව­රයා අල්ලා පහර දී පොලී­සි­යට භාර දී ඇත්තේ ඒ කාන්තා­වගේ ස්වාමි­පු­රු­ෂයා ඇතුළු ගම්වැ­සි­යන් පිරි­සකි.

මේ නිල­ධා­රියා අල්ලා­ගෙන 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට දැනුම්දී ඇති බවත් ඒ අනුව පොලි­සිය පැමිණ ඔහු සිය භාර­යට ගෙන පරී­ක්ෂණ පැවැ­ත්වී­මේදී ඔහු පොලිස් නිල­ධා­රි­යකු බව හඳු­නා­ගෙන ඇති බවත් පොලි­සිය කියයි.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT