Sunday, May 19, 2024
Home » සා/පෙළ 2022 නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල නිකුත් වේ

සා/පෙළ 2022 නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල නිකුත් වේ

by damith
May 6, 2024 12:48 am 0 comment

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 (2023) විභා­ගයේ නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල පෙරේදා (5) නිකුත් කළ බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. මේ විභා­ගයේ ප්‍රති­ඵල විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk පිවි­සී­මෙන් ලබා­ගත හැකිය.

නැවත සමී­ක්ෂ­ණය සඳහා මෙවර අය­දු­ම්ක­රු­වන් 49,312ක් අය­දුම් කර ඇති අතර, නැවත සමී­ක්ෂ­ණ­යට ලක් කළ පිළි­තුරු පත්‍ර සංඛ්‍යාව 250,311කි. මේ ප්‍රති­ඵල සම්බ­න්ධ­යෙන් යම් විම­සී­මක් වෙතොත් 0112784537, 0112784208, 0113188350, 0113140314 දුර­ක­තන අංක අමතා දැන­ගත හැකිය.

සන්ධ්‍යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT