Sunday, May 19, 2024
Home » ඉංගි­රිය පාල­මෙන් වැටී පනා­ගොඩ හමුදා නිලධාරියා මරුට

ඉංගි­රිය පාල­මෙන් වැටී පනා­ගොඩ හමුදා නිලධාරියා මරුට

by damith
May 6, 2024 12:35 am 0 comment

පනා­ගොඩ යුද හමුදා කඳ­වුරේ බල­ලත් නිල­ධා­රි­ව­ර­යකු ඉංගි­රිය, රයි­ග­ම්වත්ත උඩ කොටස යුද හමු­දා­වට අයත් නිවාඩු නිකේ­ත­න­යක නාන තටා­කය හරහා තිබෙන පාල­මෙන් වැටී තුවාල ලබා රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇතැයි ඉංගි­රිය පොලි­සිය කියයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ යුද හමුදා වාදක කණ්ඩා­යමේ වාදන ශිල්පි­යකු ලෙස කට­යුතු කළ මාව­ත­ගම, ඒ කොටස, දෙල්ගො­ල්ල­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වයස අවු­රුදු 42ක් වන දිමුතු සම්පත් ප්‍රනාන්දු නමැති විවා­හක පුද්ග­ල­යෙකි.

යුද හමුදා වාදක කණ්ඩා­ය­මට අයත් 150ක පමණ හමුදා සෙබ­ළුන් පිරි­සක් ඊයේ පෙර­ව­රුවේ ශබ්ද­වා­හිනී පුහුණු සැසි­යක් සඳහා පැමිණි අත­ර­වා­ර­යේදී මෙම අන­තුර වී ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි.

මිය­ගිය බල­ලත් නිල­ධා­රියා ඊයේ සවස හත­රයි තිහට පමණ එම හෝටල් පරිශ්‍ර භූමියේ නාන තටා­කය මත ඇති කුඩා පාලම මතින් ගමන් කර­මින් සිටි­යදී ඔහු පය ලිස්සා එයින් වැටී හිස ගලක ගැටී බර­ප­තළ තුවාල වීමෙන් ඇති අතර සෙසු නිල­ධා­රීන් බල­ලත් නිල­ධා­රි­යාව පාදුක්ක රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ඔහු මිය ගොස් තිබූ බව පොලි­සිය කියයි.

ඉංගි­රිය පොලි­සියේ වැඩ බලන ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්.ඒ. පෙරේරා මහ­තාගේ උප­දෙස් මත විම­ර්ශන සිදු කෙරේ

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ / කහ­වල - ප්‍රිය­ද­ර්ශනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT