Sunday, May 19, 2024
Home » අලු­ත්වැ­ඩි­යා­වක් කර­මින් සිටි­යදී බිත්ති­යක් කඩා වැටී පෙද­රේ­රු­වෙක් මරුට

අලු­ත්වැ­ඩි­යා­වක් කර­මින් සිටි­යදී බිත්ති­යක් කඩා වැටී පෙද­රේ­රු­වෙක් මරුට

by damith
May 6, 2024 12:34 am 0 comment

අලු­ත්වැ­ඩි­යා­වක් කර­මින් සිටි නි‍ෙව­සක මිටි­යක ආධා­ර­යෙන් බිත්ති­යක් කඩද්දී ඊට බද්ධව තිබූ යාබද බිත්ති­යක් එක්ව­රම කඩා වැටී එහි කොට­සක් පෙද­රේ­රු­ව­කුගේ හිසෙහි වැදී සිදුවූ අන­තු­රින් ප්‍රති­කාර සඳහා ඔරු­වල දිසා රෝහ­ලට ඇතු­ළත් කිරී­මට රැගෙන යමින් සිටි­යදී මිය ගොස් ඇතැයි අතු­රු­ගි­රිය පොලි­සිය පව­සයි.

මෙසේ මිය ගොස් ඇත්තේ සිය­ඹ­ලාපේ, දකුණු සිය­ඹ­ලාපේ අංක 802 / 03 / B / 1 හි පදිංචි පාදෙනි කෝර­ළ­ලාගේ දොන් අජිත් වසන්ත නමැති 58 හැවි­රිදි තිදරු පියෙකු බව පොලි­සිය කියයි. මෙම පුද්ග­ලයා තවත් පෙද­රේ­රු­වකු සමඟ අතු­රු­ගි­රිය ශාන්තා­ලෝ­ක­ගම ප්‍රදේ­ශයේ පැරැණි නිව­සක වහ­ල­යක් ඉදි­කි­රීම සඳහා ගොස් තිබූ අතර එම වහ­ලය ඉදි­කි­රීම සඳහා බාධා­වක්ව පැවති යාබද බිත්ති­යක් පෙද­රේ­රු­වන් දෙදෙනා මිටි­යක ආධා­ර­යෙන් මාරු­වෙන් මාරු­වට කඩා ඉවත් කර­මින් සිටි­යදී එක්ව­රම ඊට යාබ­දව තිබූ වෙනත් බිත්ති­යක් කඩා වැටී ඇති අතර, එහි කොට­සක් මෙම පුද්ග­ල­යාගේ හිසෙහි වැදී පසෙ­කට විසි වී අන­තු­රක් සිදුව තිබුණි. ඒ අනුව ක්ෂණ­ය­කින් ක්‍රියා­ත්මක වූ නිවෙස් හිමියා සහ පෙද­රේ­රුවා අන­තු­රට පත් පුද්ග­ලයා ත්‍රිරෝද රථ­ය­කින් ඔරු­වල දිසා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂා කර වෛද්‍ය­ව­රුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

මත්තේ­ගොඩ- ශාන්ත ප්‍රදීප් කුමාර කුල­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT