Sunday, May 19, 2024
Home » සල්ලි ගැරූ රජ හොරෙකු අල්ලයි
අහුලා ගත් ID එකෙන් බැංකු ගිණුම් ඇර

සල්ලි ගැරූ රජ හොරෙකු අල්ලයි

by damith
May 6, 2024 12:55 am 0 comment

අහු­ලා­ගත් හෝ සොර­කම් කරන ලද ජාතික හැඳු­නු­ම්පත් උප­යෝගි කර­ගෙන බැංකු­වල ගිණුම් ආරම්භ කර විවිධ පුද්ග­ල­යන් රවටා එම ගිණු­ම්ව­ලට මුදල් තැන්පත් කර­වා­ගෙන වංච­නික ලෙස ලබා ගැනිමේ ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන ගිය සැක­ක­රු­වෙකු අත්අ­ඩං­ගු­වට ගත් බව ගාල්ල පොලි­සිය පව­සයි.

මෙසේ අත් අඩං­ගු­වට ගෙන ඇත්තේ මොර­ටුව ලුනාව ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි සැක­ක­රු­වෙකි. ගාල්ල ප්‍රදේ­ශයේ කාන්තා­ව­කට විදේ­ශ­ය­කින් නත්තල් තෑග්ගක් ඇදී ඇති බව පවසා එම කාන්තා­ව­ගෙන් රුපි­යල් තිස් නව ලක්ෂ පනස් හය දහ­සක් (3,956,000) ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන කරණ ලද පරී­ක්ෂ­ණ­ව­ලදි මෙම අලුත්ම තාලයේ වංචාව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකිවී තිබේ.

දකුණු පළාත් සංචා­රක එස්. දීය­ග­හගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT