Sunday, May 19, 2024
Home » අප­රාධ රැස­කට සම්බන්ධ ‘පහ­ත්ගම සුරංග’ හෙරො­යින් සමඟ මාට්ටු

අප­රාධ රැස­කට සම්බන්ධ ‘පහ­ත්ගම සුරංග’ හෙරො­යින් සමඟ මාට්ටු

by damith
May 6, 2024 12:55 am 0 comment

ඩුබා­යිහි පදිං­චිව සිට මෙරට මනුෂ්‍ය ඝාතන සහ අප­රාධ ක්‍රියා­කා­ර­ක­ම්වල නිරත සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන ලලිත් කන්නං­ගර නමැ­ත්තාගේ අප­රාධ කට­යුතු සඳහා අනු­බල දීම සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ බව කියන Òපහ­ත්ගම සුරංගÓ නමැත්තා හෙරො­යින් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­ස­යට අනු­බද්ධ පාතාල මර්දන අංක 10 ඒක­කය පව­සයි.

පොලිස් විශේෂ කාර්යාං­ශයේ බුද්ධි තොර­තු­රක් මත සැක­කරු හංවැල්ල, තුන්නාන, ජම්බු­ග­ස්වත්ත ප්‍රදේ­ශයේ නිවෙ­සක සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගෙන පරික්ෂා කිරී­මේදී යට ඇඳු­මක සඟවා ගෙන සිටි හෙරො­යින් මත්කුඩු ග්‍රෑම් 5 මිලි­ග්‍රෑම් 30ක් ද හමු වූ බව එම ඒක­කය පැවැ­සීය. සැක­කරු සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කරු ලලිත් කන්නං­ගර නමැ­ත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙ­ය­වීම, මන්නා­ව­ලින් කපා කොටා පහර දීම ආදී කට­යුතු රැසක් සම්බ­න්ධ­යෙන් මෙයට පෙර ද පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වූ­වෙකු බව ද එම ඒක­කය පැවැ­සීය. වැඩි­දුර විම­ර්ශ­නය සඳහා සැක­කරු හංවැල්ල පොලි­සිය වෙත භාර දී ඇති අතර සැක­කරු අවි­ස්සා­වේල්ල මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­ස­යට අනු­යුක්ත පාතාල මර්දන අංක 10 ඒක­කයේ ප්‍රධානි උප පොලිස් පරී­ක්ෂක ප්‍රබෝධ මහතා ප්‍රමුඛ කණ්ඩා­ය­මක් විසින් පරී­ක්ෂණ පව­ත්වනු ලැබීය.

මීගොඩ බී.කේ. කත්‍රි­ආ­රච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT