Home » අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවාවක් හෙට සිට

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවාවක් හෙට සිට

by chanaka
April 4, 2024 4:40 pm 0 comment

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවනු ඇත.

එසේම කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකට බස් රථ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT