Monday, May 20, 2024
Home » නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටි පිරිසක් අත් අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටි පිරිසක් අත් අඩංගුවට

by yasara
April 4, 2024 4:02 pm 0 comment

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් , මාර්ගගත ක්‍රමයට රැකියා වල නිරත වී සිටි විදේශිකයන් 15 දෙනෙකු කොළඹ , දෙහිවල ප්‍රදේශයේ දී අද (04)  ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් 11 දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් බිහාර් , ආන්ද්‍රා ප්‍රදේශ් , උත්තරකාන්ත් , ගුජරාටි සහ මහාරාෂ්ඨ යන ප්‍රාන්ත වල පදිංචිකරුවෝ වෙති .ඉතිරි 04 දෙනා නේපාල ජාතිකයෝ වෙති

මොවුන් සියලු දෙනා වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන්නන්‍ වේ .මොවුන් අතරින් 11 දෙනෙකුට වෙනත් ආයතන සදහා නිකුත් කළ නේවාසික වීසා බලපත්‍ර ඇති අතර ඒවා ද කල් ඉකුත් වී පවතී .

මීට අමතරව මොවුන් අතර සිටින ඉතිරි 04 දෙනා සංචාරක වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ රැකියා වල නිරත වී සිටින්නන් වේ .

මෙසේ අත් අඩංගුවට ගත් විදේශිකයන් 15 දෙනා මේ වනවිට මිරිහාන රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඇති අතර , මොවුන්ට එරෙහිව පවතින අධිකරණමය විමර්ශන අවසන් වූ පසුව , ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කර තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT