Home » අප්‍රේල් 15වැනිදා රජයේ නිවාඩු දිනයක් නෙවෙයි ලු

අප්‍රේල් 15වැනිදා රජයේ නිවාඩු දිනයක් නෙවෙයි ලු

by chanaka
April 7, 2024 2:32 pm 0 comment

අප්‍රේල් 15වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීම් ලැබී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇති බව ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT