Monday, May 20, 2024
Home » හිර ගෙදර දැවැන්ත කිරි බතක්

හිර ගෙදර දැවැන්ත කිරි බතක්

by chanaka
April 7, 2024 2:39 pm 0 comment

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත.

එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ.

ඒ වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් වෙනුවෙනි .

ඊයේ (06) වන විට එම අංශ තුවෙහි රඳවා ඇති මුළු රැඳවියන් සංඛ්‍යාව 4,064කි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් වෙනුවෙන් වූ අවුරුදු උත්සවය අද (07) පැවැත්වේ. ඒ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT