Home » ඔන්ලයින් ණය ක්‍රම ගැන සාවද්‍ය දේවල් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට නඩු

ඔන්ලයින් ණය ක්‍රම ගැන සාවද්‍ය දේවල් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට නඩු

by chanaka
April 8, 2024 3:30 pm 0 comment

ඩිජිටල් හා මාර්ගගත (online) ක්‍රමයට ණය ලබා දෙන මෙරට මුල්‍ය ආයතන අපහාසයට ලක් කරමින් ද්වේශ සහගත, සාවද්‍ය හා නීති විරෝධී ප්‍රකාශ අන්තර්ජාලයට මුදා හරින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව ඔන්ලයින් ණය දෙන සමාගම් විසින් අත්තනගල්ල දිසා අධිකරණයේ නඩු පහක් ගොනු කරයි.

ඩිජිටල් ඕල්ටනෙටිව් ලෙන්ඩින් ඇසෝසියේෂන් (DALA) සංගමයේ සමාගම් මගින් පැවරූ මෙම නඩුවල විත්තිකරුවන් ලෙස වේයන්ගොඩ පදිංචි අගම්පොඩිගේ තිවංක චතුරංග ලක්ෂ්මන් හෙවත් ටුටු, ගම්පොළ පදිංචි තරින්ද බණ්ඩාර තිස්කුමාර හා මහව පදිංචි වන්නි අතපත්තු මුදියන්සේලාගේ නිලන්ත කුමාර නම්කර ඇත.

DALA සංවිධානයේ ඒ වීබිස්නස් සොලූෂන්ස් (A V Business Solutions – CashX), ෆින්ටෙක් සොෆ්ට්වෙයාර් (Fintech Software Solutions – Loanme), සෙෆර්සොලූෂන්ස් (Zephyr Solutions (Pvt) Ltd.- Lotus Loan), ඔන්ක්රෙඩිට්(Oncredit) සහ එස්.එෆ් .ගෲප් (S F Group-Fino.lk) මෙම නඩු පහ ගොනුකර ඇති අතර විත්තිකාර සමාජ ක්‍රියාකාරීන්ගෙන් රුපියල් මිලියන 4250ක වන්දියක් අය කර දෙන ලෙසද ඉල්ලා ඇත.

පවත්නා නීතිවලට අනුගතව ක්‍රියාත්මක ඔන්ලයින් ණය ලබාදෙන සමාගම්වල එරෙහිව ෆේස්බුක් හා වට්සැප් සමාජ ජාලා ඔස්සේ සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කරමින් සිදුකරන අපකීර්තියට එක් එක් විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක බැගින් සහ මෙතෙක් සිදුකළ හානි සඳහා රුපියල් මිලියන 350ක බැගින් මෙම වන්දිය ඉල්ලා තිබේ.

සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින් පැවරූ පැමිණිලිවල මෙසේද සඳහන් වේ.

විත්තිකරුවන් Facebook හා Whatsapp සමාජ ජාලා ඔස්සේ “ඔන්ලයින් මාෆියා නිසා අසාධාරණයට ලක්වුවන්” නමින් පවත්වාගෙන යමින් ද්වේශසහගත ප්‍රචාර සිදුකර ඇත.

මෙරට නීතිරීතීන්ට අනුකූලව ව්‍යාපාර පවත්වාගෙන යන පැමිණිලිකරුවන් 2007 අංක 07 දරන සමාගම් පනතේ යටතේ ලියාපදිංචි ආයතනයක් මගින් ස්වයං-නියාමනය ලක්වේ.

ඔන්ලයින් වේදිකාවන් ඔස්සේ ණය ලබාදීම ලෝකය පුරා ව්‍යාප්ත ප්‍රචලිත ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් බව පෙන්වා දෙන පැමිණිලිකරුවන් පෝලන්තය, කසක්ස්ථානය, යුක්රේනය, චෙක් ජනරජය, රුමේනියාව, ස්පාඤ්ඤය, මෝල්ඩෝව, වියට්නාමය, පිලිපීනය, කෙන්යාව, ඉන්දියාව, මෙක්සිකෝව,
නයිජීරියාව, කොලොම්බියාව හා දකුණු අප්‍රිකාව යන රටවල්වල ක්‍රියාත්මක වන බවද පෙන්වා දෙයි.

නීතියනුකූල ව්යාපාරයන් සම්බන්ධයෙන් අපකීර්තිමත්, ද්වේශ සහග සාවද්‍ය හා නීතිවිරෝධී ප්‍රකාශ සංවිධානාත්මකව බෙදාහැරීම වෙනුවෙන් විත්තිකරුවන්ට එරෙහිව තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති පැමිණිලිකරුවන්, මෙම නීතිවිරෝධී ක්‍රියාවන් තවදුරටත් සිදුකළහොත් විත්තිකරුවන්ට එරෙහිව තහනම් නියෝග ලබා ගන්නා බවද පැමිණිලි මගින් සඳහන් කර ඇත.

මෙම පැමිණිල්ල සලකා බැලූ අත්තනගල්ල දිසා විනිසුරු කේසාර සමරදිවාකර මහතා ලබන 22 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නොතීසි නිකුත් කරමින් නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT