Monday, May 20, 2024
Home » රාමසාන් හා අලුත් අවුරුද්දට රැදවියන් හමුවීමට අවස්ථාවක්

රාමසාන් හා අලුත් අවුරුද්දට රැදවියන් හමුවීමට අවස්ථාවක්

by chanaka
April 9, 2024 4:14 pm 0 comment

මෙවර රාමසාන් සහ සිංහල හා හින්දු අළුත් අවුරුදු දිනය නිමිත්තෙන් 11,12,13 දිනයන්හිදී බන්ධනාගාර රැඳවුවන්ට සිය ඥාතීන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.

මෙම 11 දින (රාමසාන් දින) සිය ඥාතීන් හමුවීමේ අවස්ථාව ඉස්ලාම් ආගමික රැඳවියන්ට පමණක් හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා කියයි.

මෙම දිනයන්හිදී බන්ධනාගාර සිරකරුවන් හමුවීමට පැමිණෙන ඥාතීන් විසින් එම නිවෙස්වලින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්,රැගෙන ආයුතු බවත්
පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ මෙම ද්‍රව්‍ය ලබා දීම සියළුම බන්ධනාගාරවල සිදු කරනු ඇති බවත් දිසානායක මහතා පවසයි.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT