මෙහෙකාර සේවයේ රැකියාවේ නියුතු කාන්තාවකගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල වලව්වත්ත පාරේ නිවෙස බිඳ රුපියල් ලක්ෂ 15කට ආසන්න රන් ආභරණ ඇතුළු දේපොළ සොරාගෙන ගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.
ෙසොරාගෙන ගිය දේපොළ අතර පවුම් දහයකට අධික බර රන්මාල, මුදු, කරාබු මෙන්ම අඟල් 40 රූපවාහිනී යන්ත්රයක්, බ්ලෙන්ඩරයක් හා මෙට්ටයක් ද වන බව පොලිසිය සඳහන් කරයි.
පැමිණිලිකාර කාන්තාව කොළඹ පහ ඉසිපතන මාවතේ නිවෙසක මෙහෙකාර සේවයේ යෙදෙන අතර, ඇය පදිංචි නුගේගොඩ ජම්බුගස්මුල්ල වලව්වත්ත පාරේ නිවෙසට ඉදහිට පැමිණ යන බවට පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි. ඒ අනුව ඇය මෙවර නිවෙසට පැමිණීමේදී ඉදිරිපස දොර විවෘත කර තිබෙනු දැක නිවෙස තුළට ගොස් පරීක්ෂා කිරීමේදී නිවෙසේ අල්මාරියේ තිබූ රන් ආභරණ සහ සෙසු භාණ්ඩ නොමැති බව දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
අදාළ අපරාධයේ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා ඇඟිලි සටහන් නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් කැඳවා විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කොහුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.