Home » මෙහෙ­කා­රි­යගේ ගෙදර ලක්ෂ 15ක සොරකමක්

මෙහෙ­කා­රි­යගේ ගෙදර ලක්ෂ 15ක සොරකමක්

by Gayan Abeykoon
April 9, 2024 1:00 am 0 comment

මෙහෙ­කාර සේවයේ රැකි­යාවේ නියුතු කාන්තා­ව­කගේ නුගේ­ගොඩ ජම්බු­ග­ස්මුල්ල වල­ව්වත්ත පාරේ නිවෙස බිඳ රුපි­යල් ලක්ෂ 15කට ආසන්න රන් ආභ­රණ ඇතුළු දේපොළ සොරා­ගෙන ගොස් ඇතැයි කොහු­වල පොලි­සිය කියයි.

ෙසොරා­ගෙන ගිය දේපොළ අතර පවුම් දහ­ය­කට අධික බර රන්මාල, මුදු, කරාබු මෙන්ම අඟල් 40 රූප­වා­හිනී යන්ත්‍ර­යක්, බ්ලෙන්ඩ­ර­යක් හා මෙට්ට­යක් ද වන බව පොලි­සිය සඳ­හන් කරයි.

පැමි­ණි­ලි­කාර කාන්තාව කොළඹ පහ ඉසි­ප­තන මාවතේ නිවෙ­සක මෙහෙ­කාර සේවයේ යෙදෙන අතර, ඇය පදිංචි නුගේ­ගොඩ ජම්බු­ග­ස්මුල්ල වල­ව්වත්ත පාරේ නිවෙ­සට ඉද­හිට පැමිණ යන බවට පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ලේ සඳ­හන් වෙයි. ඒ අනුව ඇය මෙවර නිවෙ­සට පැමි­ණී­මේදී ඉදි­රි­පස දොර විවෘත කර තිබෙනු දැක නිවෙස තුළට ගොස් පරීක්ෂා කිරී­මේදී නිවෙසේ අල්මා­රියේ තිබූ රන් ආභ­රණ සහ සෙසු භාණ්ඩ නොමැති බව දැක ඒ පිළි­බ­ඳව පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ.

අදාළ අප­රා­ධයේ සැක­ක­රු­වන් අනා­ව­ර­ණය කර ගැනීම සඳහා ඇඟිලි සට­හන් නිල­ධා­රීන් සහ අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගා­රයේ නිල­ධා­රීන් කැඳවා විම­ර්ශන සිදු කරන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. කොහු­වල පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT