Friday, May 17, 2024
Home » ඉතාලියේ බලාගාරයක පිපිරීමක්

ඉතාලියේ බලාගාරයක පිපිරීමක්

by yasara
April 10, 2024 12:45 pm 0 comment

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස්

ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි

ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.

පිපිරීමෙන් මිය ගොස් ඇති පුද්ගලයන් අවුරුදු 35ත් 75ත් අතර වයස් වල පසුවන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT