Home » අස්වැසුම තවත් පවුල් 182,140කට හිමිවෙයි

අස්වැසුම තවත් පවුල් 182,140කට හිමිවෙයි

by yasara
April 10, 2024 12:42 pm 0 comment

අභියාචනා සහ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව අස්වැසුම සඳහා තවත් පවුල් 182,140ක් ඇතුළත් කර තිබෙයි

ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලුම ගෙවීම් අප්‍රේල් මස 18 වනදා වන විට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT