Home » ආරක්ෂාව තහවුරු කරන්නැයි නුවර නගර සභා සේවකයෝ විරෝධතාවක

ආරක්ෂාව තහවුරු කරන්නැයි නුවර නගර සභා සේවකයෝ විරෝධතාවක

by sachintha
April 11, 2024 1:32 am 0 comment

මහනුවර මහා නගර සභා සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා නගර සභා සේවකයෝ ඊයේ (10) මහනුවර මහා නගර සභාව සහ මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මධ්‍යම වෙළෙඳපොළේ පරිපාලන නිලධාරියාට අනවසර වෙළෙන්දකු පෙරේදා (9) පහර දීමක් කළ බව කියන සිද්ධිය මුල් කරගනිමින් නගර සභා සේවකයන් මේ විරෝධතාව ආරම්භ කර තිබිණි.

මේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔවුහෙු පැවසූහ. මහනුවර මහා නගර සභාව ඉදිරිපිටට රැස් වූ නගර සභා සේවකයන්ගේ සහයට හිටපු නගරාධිපති කේසර සේනානායක මහතාද පැමිණ සිටියේය. මහනුවර මහා නගර සභාව ඉදිරිපිට පැය බාගයක පමණ වේලාවක් විරෝධතාවෙහි නිරත වූ සේවකයෝ විරෝධතා පුවරු රැගෙන පා ගමනින් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටට පැමිණ අනවසර වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයන් ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මෙයට පෙර හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පහර දීමටද නගර සභාවේ කම්කරුවෙක් ලක් විය.

මධ්‍යම වෙළෙඳපොළේ පරිපාලන නිලධාරියා සතියක පමණ කාලය තුළ පහර කෑමට ලක් වූ දෙවැනි සේවකයා බවත්, නාගරික කොමාසාරිස් ලෙස නගර සභාවේ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් තමාටද වගකීමක් පැවරෙන බවත් පැවසූ මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා සේවා කාලය තුළ තමන් අනාරක්ෂිත යැයි සේවකයන්ට හැඟී ගිය ගොත් ඔවුන් සේවා කටයුතුවලින් බැහැර වීමේ අවදානමක් පවතින බවත් කීය.

 

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT