Home » නරවැල්පිට වජිරබුද්ධි හිමියෝ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

නරවැල්පිට වජිරබුද්ධි හිමියෝ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

by sachintha
April 11, 2024 1:41 am 0 comment

අමරපුර මුම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක කණුමුල්දෙණියේ චන්දවිමල මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ධර්මෝදය කාරක මහා සංඝ සභාවෙන් නරවල්පිට දකුණ ධර්මාරාමය, ඇල්ලේවෙල ශ්‍රී සාරිපුත්තාරාම යන උභය විහාරාධිපති, ශාස්ත්‍රපති, පිරිවෙන් අධ්‍යක්ෂ නරවැල්පිට වජිරබුද්ධි හිමියන්ට ධර්ම කීර්ති ශ්‍රී ධර්මාරාම වංශාලංකාර යන ගෞරවෝපාධිය සහිත මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. උන්වහන්සේ හක්මණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ වසර 8ක් පමණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල ප්‍රධාන ලේඛකාධිකාරි ලෙස ශාසනික,සාමාජික, සංස්කෘතික කටයුතු කරමින් ප්‍රදේශයේ විහාරස්ථාන, දහම් පාසල් කටයුතුවලට අනුශාසකත්වය සැපයීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිනමක් ලෙස වසර 5කට ආසන්න කාලයක් මොනරාගල, බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර, හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතු කරමින් පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවමින් වැඩ වසති.

නාරාහේන්පිට ශ්‍රී හත්බෝධි විහාරාධිපති, ගලගම ධම්මරංසි හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT