Home » ජනතාවට ජාරා කෑම කවන්න ගිය 8කට 190,000ක් දඩ

ජනතාවට ජාරා කෑම කවන්න ගිය 8කට 190,000ක් දඩ

by sachintha
April 11, 2024 1:52 am 0 comment

අලුත් අවුරුදු සමයේ ජනතාවට කල් ඉකුත් වූ හා මිනිස් ආහාරයට නුසුදුසු ආහාර මිල සඳහන් නොකොට අලෙවි කළ වවුනියාවේ වෙළෙන්දන් 8 දෙනකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම වෙළෙන්දන්ට වවුනියාව මහේස්ත්‍රාත්වරයා රුපියල් එක්ලක්ෂ අනූදහසක මුදලක් පෙරේදා (9) දඩ වශයෙන් නියම කොට තිබේ.
වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වවුනියාව නගරය, කුරුමන්කාඩු හා වයිරවපුලියන්කුලම යන ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙඳ සල් හා සාමාන්‍ය වෙළෙඳ සල් වටලා මෙම භාණ්ඩ සොයාගෙන තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කරන්නේ උත්සව සමයේදී ජනතාවට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම අතින් සාමාන්‍ය වෙළෙඳ සල්වළට වඩා සුපිරි වෙළෙඳ සල් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බවයි. උත්සව සමය ආරම්භ වනතුරුම දිවා රාත්‍රී දෙකෙහිම වැටලීම් සිදු කරගෙන යාමට වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂ වැඩපිළිවෙලක් දියත් කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT