Home » කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ ශූරතාව මයුර නිවාසයට

කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ ශූරතාව මයුර නිවාසයට

by sachintha
April 11, 2024 1:55 am 0 comment

 

කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙළ නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එච්. ඒ. එල්. පී. හපුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ලකුණු 672ක් ලබා ගනිමින් නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට මයුර නිවාසය සමත් වූහ.

එහි අනුශූරතාවය ලකුණු 474ක් ලබා ගනිමින් තිසර නිවාසය ද, තෙවනි ස්ථානය ලකුණු 469ක් ලබා ගනිමින් කෝකිල නිවාසය ද හිමිකර ගත්හ.

මෙම අවස්ථාවට නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ඒ. එල්. පී. හපුආරච්චි, නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සාගරිකා රාජපක්ෂ, කොබෙයිගනේ ජාතික පාසලේ විදුහල්පති එස්. එම්. සරත් පේමසිරි යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT