Home » ශ්‍රීලනිප කණ්ඩායමක් කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී රැස්විමක් – මන්ත්‍රී දයාසිරි ජයසේකර

ශ්‍රීලනිප කණ්ඩායමක් කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී රැස්විමක් – මන්ත්‍රී දයාසිරි ජයසේකර

by sachintha
April 11, 2024 1:53 am 0 comment
dayasiri jayasekara

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් පසුගියදා (08) කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි හා අනීතික රැස්විමක් බව එම පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්යේ ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අනුව දේශපාලන මණ්ඩල රැස්විමක් කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයාට පමණයි.

එමෙන්ම පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හත් දෙනකු සිටිනවා. එයින් එක් සභාපතිවරයෙක්වත් විශේෂිත නොවන අතර හත්දෙනාම එක හා සමාන ලෙස සළකනවා. එවන් පසුබිමක් යටතේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාට දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට කිසිඳු හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නීති විරෝධි හා අනීතක ලෙස දේශපාලන මණ්ඩල රැස්වීමක් පවත්වන බවට මේ වනවිට අපට කරුණු වාර්තා වුණා. ඇත්තටම පක්ෂ ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය තුළ තමයි දේශපාලන මණ්ඩල රැස්වීම ගැන සියලු කරුණු තිබෙන්නේ. ඇත්තටම පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා, දේශපාලන මණ්ඩලය උත්තරීතරම මණ්ඩලය බවට. ඒ වගේම විශේෂයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ තිබෙන මධ්‍යම කාරක සභාව සතු බලතල පවා දේශපාලන මණ්ඩලයට පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම මේකේ තිබෙනවා, දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනයි. ඒ 15 දෙනාගෙන් පක්ෂ සභාපතිවරයා, පක්ෂ ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් අතුරින් තෝරාගන්නා 13 දෙනෙක් දේශපාලන මණ්ඩලයට ඇතුළත් විය යුතුයි කියලයි සඳහන් වෙන්නේ. ඒ අනුව බොහොම පැහැදිලියි, මධ්‍යම කාරක සභාවේ නැති කිසි කෙනකුට දේශපාලන මණ්ඩලයේ අසුන් ගන්නට බැහැ. ඒ වගේම පක්ෂයේ සභාපතිවරයා නැතිව කිසිම වේලාවක දේශපාලන මණ්ඩලය රැස් කරන්න බැහැ. ඒ වගේම දේශපාලන මණ්ඩලයේ 15 දෙනාගෙන් වැදගත්ම කාරණය තමයි පක්ෂ සභාපතිවරයා හා පක්ෂ ලේකම්වරයා සහ පක්ෂ සභාපතිවරයා නම් කරන 13 දෙනා. විශේෂයෙන්ම පක්ෂ සභාපති නිලබලයෙන්ම දේශපාලන මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වෙනවා.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT