Tuesday, May 14, 2024
Home » ජේ.ආර්. ගෙන් පසු රට සංවර්ධනය කරන මොළය ජනපති සතුයි

ජේ.ආර්. ගෙන් පසු රට සංවර්ධනය කරන මොළය ජනපති සතුයි

by sachintha
April 29, 2024 1:00 am 0 comment

පොදු අපේක්ෂකයා කළොත් ජනපතිට සහාය දෙනවා -මන්ත්‍රී ජගත් සමරවික්‍රම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන්, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්, ඔහුට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පොලොන්නරුව දිස්ත්‍රික් පා‍ර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

වැටිලා තිබුණු රට ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැප කිරීමක් සිදු කළ බවත් රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යම් සාධාරණීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජගත් සමරවික්‍රම මහතා පෙරේදා (27) සිරිපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී එලෙස සඳහන් කළේය. දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව මේ රට සංවර්ධනය කිරීමට හොඳ මොළයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව ද සමරවික්‍රම මහතා මෙහිදී කීය.

පොහොට්ටුවට හැමෝම කැමති නැති බවත් අකැමැති අය සිටින බවත් එබැවින් පොදු අපේක්ෂකයා ලෙස බොහෝදුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙන්නේ නම් ඒ සඳහා සියයට පන්සීයක් ඔහුට සහාය දෙන බව ද සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කළේය. මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ගත යුතු තීරණ රට වෙනුවෙන් රැගෙන ඇති බවත් රටේත් ජනතාවගේත් සංවර්ධනය වෙනුවෙන් කළ යුතු වැඩ නිසියාකාරයෙන් සිදු කරන බවත් ගම්මානවල සංවර්ධනය උදෙසා එතුමන්ගේ සහයෝගය පසුපෙළ මන්ත්‍රීන්ට ලැබී තිබෙන බවත් ජගත් සමරවික්‍රම මහතා වැඩිදුරටත් කීවේය.

සිරිපුර මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT