Home » තල් කුරුම්බා කඩන්න නැග්ග තිදරු පියා ගසෙන් වැටී මරුට

තල් කුරුම්බා කඩන්න නැග්ග තිදරු පියා ගසෙන් වැටී මරුට

by sachintha
April 12, 2024 1:11 am 0 comment

තල්කුරුම්බා කැපීමට තල් ගසකට නඟිමින් සිටි යාපනය කයිතඩි ප්‍රදේශයේ පුද්ගලයකු එම තල් ගසෙන් ඇද වැටී පෙරේදා (10) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 44ක සෙල්වරාසා කේතීස්වරන් නමැති තිදරු පියෙකි.

තල් ගසෙන් ඇද වැටුණු පුද්ගලයා වහාම චාවකච්චේරී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහුව රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගොස් තිබේ.

තල් කුරුම්බා කාලයට තල්කුරුම්බා රසවිඳීම උතුරේ පුද්ගලයන්ගේ පුරුද්දක් වී ඇති අතර, මියගිය පුද්ගලයා ද තල්කුරුම්බා කැපීමට ගිය අවස්ථාවේදී මෙම ඉරණමට ගොදුරුව තිබේ. චාවකච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT