711
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන බවයි.
ඊයේ (15) පස්වරුවේ හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් මෙලෙස වේදිකාවේ ගැටීම සිදුවූ අතර ඉන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදු වූ නමුත් මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැත.
සිදුවීමෙන් පසු අදාළ ගමන් වාරය වෙනුවෙන් වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගැනීම සිදුවිය.