260
ඉරානය විසින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් වන්නේ නම් ඊට කිසිදු අයුරින් අමෙරිකාව සම්බන්ධ නොවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවත් බයිඩ්න් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරානය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගැනීමට අමෙරිකාවට අවශ්‍ය නොවන බව ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.