Home » යාපනය සහ කුරුණෑගල රෝහල්වලින් කොවිඩ් මරණ දෙකක් – සෞඛ්‍ය අංශ අවධානයෙන්

යාපනය සහ කුරුණෑගල රෝහල්වලින් කොවිඩ් මරණ දෙකක් – සෞඛ්‍ය අංශ අවධානයෙන්

by sachintha
April 16, 2024 1:00 am 0 comment

කුරුණෑගල ශික්ෂණ රෝහලින් සහ යාපනය රෝහලින් කොවිඩ් ආසාදිත මරණ දෙකක් පෙරේදා (14) සහ පසුගිය සිකුරාදා (12) වාර්තා වීම හේතුවෙන් නැවත කොවිඩ් වසංගත අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වයිරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි කාන්තාවක් කොවිඩ් -19 ආසාදනය වී මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

යාපනයේ පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ ඇති අතර උණ රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කැර ඇත.

ඇය පසුගිය සිකුරාදා (12) මියගොස් ඇති අතර අද ලැබුණු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ එම මරණය කොවිඩ් -19 හේතුවෙන් සිදුවූවක් බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇයගේ සමීප සම්බන්ධතා සොයා ගැනීමට පියවර ගෙන ඇත.

කුරුණෑගල රෝහලෙන් මෙවැනි කොවිඩ් ආසාදිත මරණයක් පිළිබඳව වාර්තා වූයේ ඉතා දිගු කලකට පසුවය.

මේ තත්ත්වය හේතුවෙන් එම රෝගියා බාහිර පරිසරයට නිරාවරණයවූ ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය ජනතාව මෙන්ම ජනතාවද නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කෙළේය.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT