236
පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉතාලියේ පුහුණුවීම් සිදුකරමින් සිටින ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේදී මීටර් 150 ඉසව්ව තත්පර 15. 19ක කාලයකින් නිමකොට රන් පදක්කම දිනා ගනියි. මීටර් 150 ඉසව්වේදි මෙතෙක් ඔහුගේ දෙවැනි වේගවත්ම කාලය මෙය වූ අතර, මෙයට පෙර තත්පර 15. 16කින් යුපුන් මෙම ඉසව්ව නිමකොට ආසියානු වාර්තාවක් බිහි කළේය.
ප්‍රින්ස් ගුණසේකර