Home » මතීෂගේ යෝකරයට මුම්බායි පිතිකරුවෝ දණ නමති

මතීෂගේ යෝකරයට මුම්බායි පිතිකරුවෝ දණ නමති

by sachintha
April 16, 2024 1:36 am 0 comment

පිට පිට තුන්වැනි අයිපීඑල් ජයග්‍රහණය කරා යමින් සිටි මුම්බායි ඉන්දියන්ස් පිලේ පිතිකරුවන් ඔවුන්ගේ නිල ක්‍රීඩාංගණය වන වන්කඩේ පිටියේදීම දණ ගැස් වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ සුපිරි වේගපන්දු තරුව මතීෂ පතිරණ සිය කණ්ඩායමට ලකුණු 20ක නොතිබූ ජයක් අත්කර දීමට පෙරේදා සමත් විය. ඔහු ලකුණු 28කට කඩුලු 4ක් දවාලූ අතර, එය 21 හැවිරිදි මතීෂගේ හොඳම අයිපීඑල් පන්දු යැවීම ලෙස වාර්තා පොතට එක් විය. චෙන්නායි පිල මෙවර තරගාවලියේදී සිය ක්‍රීඩාංගණයෙන් පිටත ලැබූ පළමු ජයග්‍රහණය ද එය විය. චෙන්නායි පිලේ ජයග්‍රහණයට පාර කැපූ මතීෂ තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, විස්තර විචාරක බ්‍රෙට් ලී කියා සිටියේ මතීෂ පතිරණ යනු පරම්පරාවට එක වරක් පමණක් බිහි වන විරල වේගප්‍රින්ස් ගුණසේකර

ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩා සංචිතයේ කටයුතුවලට විශේෂත්වයක් ලබාදී අලුත් අවුරුදු උදාවත් සමඟ ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) වැඩසටහන තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.

පැරිස් ඔලිම්පික් උලෙළට තවත් මාස තුනක පමණ කාලයක් ඇති අතර, ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පත්වූ වහාම ඔලිම්පික් බලාපොරොත්තු ඇති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ සහයෝගය මත කැබිනට් සංදේශයක් මඟින් ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කළේය.

එම විශේෂ වැඩපිළ­ිවෙළ යටතේ ක්‍රීඩා 12කින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ක් තෝරා සුපිරි සංචිතයක් නිර්මාණය කොට, ‘පැරිස් ඔලිම්පික්‘ උලෙළ ඉලක්කකොට පුහුණු කටයුතු වෙනුවෙන් සියලු පහසුකම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. විශේෂ කැබිනට් අනුමැතිය අනුව එම සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබීමේ තරග සහ අනෙකුත් ජාත්‍යන්තර තරග නියෝජනය සඳහා අරමුදල් වෙන්කළ අතර, තවදුරටත් සිදුකළ යුතු අවශ්‍යතා ඇත්නම් ඒ පිළිබඳ සොයා බලන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.

‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙරට පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් ලක්ෂ 3ක මුදලක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන අතර, විදෙස්ගතවී පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මසකට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. එයට අමතරව පෝෂණ කටයුතු වෙනුවෙන් මසකට රුපියල් 50000ක් සෑම ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවකට ලබාදේ. මෙම වැඩසටහන යටතේ ඔලිම්පික් සුදුසුකම් ලැබීම වෙනුවෙන් විදෙස් තරග 6ක් නියෝජනය කිරීමට සෑම ක්‍රීඩකයෙක් වෙතම ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් ලබාදී තිබේ. දැනටමත් සියලු ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරින් වර විදෙස් තරගවලට සහභාගීවී ඇති අතර, ඒ වෙනුවෙන් මිලියන ගණනක් මුදල් වැයකොට ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ නිර්මාණශීලී වැඩ පිළිවෙල හරහා පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට හැකිවූ බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික දීමනා හා විදෙස් තරගවලට සහභාගීවීමේ අවස්ථා වෙනුවෙන් කලට වේලාවට මුදල් ලබාදිමට හැකිවූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

විවිධ හේතු මත මඟ හැරුණු අභියාචනාවලින් තෝරාගත් තවත් 14ක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44කගේ මුල් ලැයිස්තුවට එක්කර ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළේය. මලල ක්‍රීඩා (19), බැඩ්මින්ටන් (1), බොක්සිං (2), කිමිදුම් (1), ජිම්නාස්ටික් (2), ජූඩෝ (1), වෙඩි තැබීම (2), ස්කොෂ් (1), පිහිනුම් (1), බර ඉසිලීම (2), මල්ලවපොර (1) හා පැරා ක්‍රීඩා (25) ඉහළ කාර්ය සාධන සංචිතයට ඇතුළත්ව ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) විශේෂ වැඩපිළිවෙළ යටතේ පුහුණුවෙමින් සිටිති. ‘පැරිස් ඔලිම්පික්‘ උලෙළ ලබන ජූලි මස 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංසයේ පැරිස් නුවරදී පැවැත්වේ. පන්දු යවන්නකු බවය. නායකත්වයේ දැඩි පීඩනයකට හසුවී සිටින මුම්බායි පිලේ නායක හර්දික් පාන්ඩ්‍යා තරගයෙන් පසු කියා සිටියේ බැලූ බැල්මට පහසු වූ ඉලක්කය මතීෂ පන්දුවට අතට ගත් සැණින් වෙනස් වූ බවය. ‘ඒක පහසු ඉලක්කයක්. පතිරණ පන්දු යැවීමට එනකල්ම අපි තමයි තරගය පාලනය කරගෙන හිටියේ. ඇරත් කඩුල්ල පිටුපස සිට ඔවුන්ට වටිනා උපදෙස් දෙන්න මිනිහෙක් හිටියා. ඒ තමයි දෝනි.‘ පාන්ඩ්‍යා එසේ කීවේ දුක්මුසුවය.

කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිලේ ඉනිම ඕවර 20ක් ඇතුළත ලකුණු 206කට සීමා කළ මුම්බායි පන්දු යවන්නෝ පහසු ඉලක්කයක් සිය පිතිකරුවන්ට ලබාදීමට සමත් වූ අතර, මුම්බායි ඉනිම ආරම්භ කළ හිටපු නායක රෝහිත් ෂර්මා සහ ඉෂාන් කිෂාන් එක්ව ඕවර 7ක් ඇතුළත කිසිවකු නොදැවී ලකුණු 70ක් රැස් කිරීමත් සමඟ ඉලක්කය තවත් පහසු වී තිබිණි. එහෙත් චෙන්නායි පිලේ නව නායකයා රටුරාජ් ගයික්වාඩ් අටවැනි ඕවරය යැවීමට මතීෂට බාර කිරීමත් සමඟ තරගය වෙනස් විය. එම ඕවරයේදී ඔහු කඩුලු 2ක්ම දවාලමින් තරගය උඩුයටිකුරු කළේ චෙන්නායි ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමිනි. එම ඕවරයේ පළමු පන්දුවෙන් ඉෂාන් කිෂාන් දවාගත් මතීෂ අනතුරුව මුම්බායි පිලේ පිතිහරඹ තුරුම්පුව සූර්යකුමාර් යාදෙව් ලකුණු ලැබීමට පෙර දවාලීමත් සමඟ තරගයේ වාසිය සියතට ගැනීමට චෙන්නායි පිල සමත් විය. අනතුරුව ඉනිමේ 14 වැනි ඕවරය යැවීමට මතීෂ යළි කැඳවූ අතර, එම ඕවරයේ පස්වැනි පන්දුවෙන් ටිලක් වර්මා දවාලීමට මතීෂ සමත් වූයේ චෙන්නායි පිලේ ජයග්‍රහණ බලාපොරොත්තුව දල්වාලමිනි.

18 වැනි ඕවරය යැවීමට මතීෂ යළි කැඳවද්දි මුම්බායි ඉනිමට ජයග්‍රහණය සඳහා ඕවර 3කදී ලකුණු 53ක් අවශ්‍ය වූ අතර, කඩුලු 5ක් අතැතිව සිටියේය. ඒ වන විට එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 83ක් ලබා සිටීම හේතුවෙන් තරගයේ වාසිය ඒ වන විටත් සතුව තිබුණේ මුම්බායි පිල සතුවය. එහෙත් 18 වැනි ඕවරයේ තුන්වැනි පන්දුව ලෙස මතීෂ යැවූ පැයට කිලෝමීටර් එකසිය පනහේ යෝකර් පන්දුවට රොමාරියෝ ශෙෆර්ඩ්ගේ පා ඉන්න ගැලවී විසී වී ගියේ මුම්බායි පිල පරාජයේ ආගාධයට තල්ලු කරමිනි. ඒ සමඟ මුම්බායි ඉනිමේ කඩුලු 4 සම්පූර්ණ කිරීමට ඔහු සමත් විය. මතීෂ යැවූ ඉනිමේ අවසන් ඕවරයේදි කඩුලු 4ක් අතැතිව සිටි මුම්බායි පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 34ක් අවශ්‍ය වූ අතර, ඔහුගේ භීතිය දනවනසුලු යෝකර් පන්දු හමුවේ රෝහිත් ෂර්මා පිට පිට හතරේ පහර දෙකක් එල්ල කරමින් සිය ශතකය වාර්තා කළ ද, පරාජය සහතික බව දැන සිටි මේ පළපුරුදු පිතිකරුවා ශතකය සැමරීමට පිත්ත ඉහළට එසැවූයේ ද නැත.

ඊට පෙර චෙන්නායි ඉනිමේදී නායක රටුරාජ් ලකුණු 69ක් ද, ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ද රැස් කිරීමට සමත් වූ අතර, චෙන්නායි පිලට ලකුණු 200 සීමාව පසු කිරීමට හැකි වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ වේගවත් පිතිහරඹය හේතුවෙනි. ඔහු මුමබායි පිලේ නායක හර්දික් පාන්ඩ්‍යා යැවූ ඉනිමේ අවසන් ඕවරයේ තුන්වැනි පන්දුවේදී පිටියට පැමිණ පිට පිට හයේ පහර 3ක්ම එල්ල කළ අතර, නොදැවී ලකුණු 20ක් රැස් කළේ පන්දු 4කිනි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT