Tuesday, May 14, 2024
Home » හෝමාගම මහින්ද රාජපක්ෂ-කොළඹ ආරක්ෂක සේවා විදුහල් අතර නීල ලෝහිත මහා ක්‍රිකට් තරගය හෙටයි

හෝමාගම මහින්ද රාජපක්ෂ-කොළඹ ආරක්ෂක සේවා විදුහල් අතර නීල ලෝහිත මහා ක්‍රිකට් තරගය හෙටයි

by sachintha
April 29, 2024 1:22 am 0 comment

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල හා කොළඹ ආරක්ෂක සේවා විදුහල අතර තෙවැනි වරටත් සංවිධාන කරන ‘නීල ලෝහිත’ එක්දින ක්‍රිකට් තරගය හෙට (30) කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වේ. පසිඳු ලක්ෂිතගේ නායකත්වයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල් පිල පිටියට පිවිසෙන අතර, කොළඹ ආරක්ෂක සේවා පිල කවීෂ ගිම්හාන්ගේ නායකත්වයෙන් තරග වදී.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ නන්දන ද සිල්වා මහතා වැනි පුද්ගලයන්ගේ නායකත්වය යටතේ ආරම්භ වූ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල අධ්‍යයන ක්ෂේත්‍රයේ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට එන පාසලක් බවට පත්ව තිබේ. ක්‍රිකට් තරගවලදී ජයග්‍රහණ අතරට පිවිසි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය තම ප්‍රතිවාදී කණ්ඩායමට මෙවර හොඳ සටනක් ලබා දීමට සැලසුම්කොට ඇත. විදුහල්පති සරත් බන්දු ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රිකට් පුහුණුකරු සංජය වීරසිංහ ඇතුළු පිරිස මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදී ඇත.

කොළඹ ආරක්ෂක සේවා විදුහල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවය යටතේ මෙරට ආරක්ෂාව වෙනුවෙන් කැපවන ලද උදාර විරුවන්ගේ දරුවන් වෙනුවෙන් 2007 වර්ෂයේ ආරම්භ කරන ලද විදුහලකි. මධුකා දෑසමන් ප්‍රනාන්දු විදුහල්පතිනියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රධාන පුහුණුකරු පී.කේ.සී. පෙරේරා ඇතුළු කණ්ඩායම නිරන්තර පුහුණුවීම් කොට මහා තරගයට හොඳ සූදානමකින් පසුවේ.

මේ මහා තරගය 2018 හා 2019 වර්ෂවලදී පැවති අතර, එහිදී මොවින් දිලිප්ගේ හා කවිඳු කවීශගේ නායකත්වයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිල ජයග්‍රහණ අත්කර ගත්තේය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල් පිල: පසිඳු ලක්ෂිත (නායක), තේජ ධීමන්, සත්මින් සිප්සර, ඔෂාන් විහංග, නිරෝෂන් සම්පත්, චනිදු අනුදිත, නෙතුල ගම්බිර, ඉරූෂ අනුජය, මලීෂ යසන්ත, දුනාල් ගෙත්මින්, රමේෂ් හේමාල්, දෙනුවන් ත්‍රිසංක, රුවිෂාන් දිනුජය, දිලිත සෙවුමිණ, රුමික මල්හිරු, ජනිත සේලක, ශනිෂ් නිෂෝක්.

කොළඹ ආරක්ෂක සේවා විදුහල් පිල: කවීෂ ගිම්හාන් (නායක), එස්.යූ.එස්.කේ. සමරසිංහ (උප නායක), පී.ඒ.අයි.ආර්. පින්පොල, ආර්.එම්.ආර්.කේ. රත්නායක, කේ.පී.ඕ.ඩී. කරුණානායක, කේ.ඒ.එස්.එස්. පෙරේරා, කේ.ජී.එස්.ටී. ඩී. ජයරත්න, ඩී.එම්.ආර්. සිල්වා, ආර්.එම්.ආර්. රත්නායක, ඒ.එන්. කාරියවසම්, ආර්.ජී.ඩී.සී. ආරියසිංහ, ටී.එම්.ඩී.ජී. ජෝජ්, එම්.එන්.සී. ජයතිස්ස, ටී.එස්.ආර්. සේනාරත්න, එල්.බී. සුබසිංහ, එම්.ඩී.වී.වී. ඔකිත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT