Saturday, May 18, 2024
Home » තහනම ඉවතට ඉන්දීය ලොකු ලූනු ශ්‍රී ලංකාවට

තහනම ඉවතට ඉන්දීය ලොකු ලූනු ශ්‍රී ලංකාවට

by sachintha
April 17, 2024 1:52 am 0 comment

ලොකු ලූනු අපනයන සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීරණයට අනුව ලොකු ලූනු ආනයනය කරන්නේ රාජ්‍ය අංශයෙන් ද පෞද්ගලික අංශයෙන් ද යන්න පිළිබඳ… අද (17) තීරණය කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා මෙමඟින් ඉන්දියාව අවසර ලබා දී තිබෙන බව ද අසල්වැසියා පළමුව යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගෙන ඉන්දියාව එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගිතාව මත උත්සව සමය වෙනුවෙන් එම තහනම ඉවත් කර තිබෙන අතර ඉන්දියාව ලූනු අපනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ මෙරට ලූනු මිල සීග්‍රයෙන් ඉහළ ගියේය. පසුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉහළ මිල ගණන්වලට ලොකු ලූනු ගෙන්වීමට සිදුවිය.

පසුගිය මාර්තු මාසයේ මුල් සතිය වන විට රුපියල් 400ට ආසන්නව පැවැති ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක තොග මිල මාර්තු මාසයේ අවසානය වන විට රුපියල් 600 ඉක්මවා ගියේය. ඒ අනුව සිල්ලර මිල රුපියල් 800 දක්වා ඉහළ ගිය අතර එවැන්නක් හේතුවෙන් චීනය ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සඳහා පියවර ගත්තේය.

ඒ අනුව ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වන්නේ රාජ්‍ය අංශයෙන් ද පෞද්ගලික අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් අද (17) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT