Home » රටට ඩොලර් බිලියන 4.5ක ආයෝජන ගේන සැලැස්මක්

රටට ඩොලර් බිලියන 4.5ක ආයෝජන ගේන සැලැස්මක්

by sachintha
April 17, 2024 1:54 am 0 comment

මෙම වසරේ ඩොලර් බිලියන 4ත් – 4.5ත් අතර ආයෝජන රටට ගෙන ඒමට සියලු සැලසුම් සකස් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. පසුගිය වසරේදී ඩොලර් බිලියන 1.5ක ආයෝජන ඉලක්කයක් අපේක්ෂා කළත් එය අබිබවා ඩොලර් බිලියන 1.8ක ආයෝජන රටට ලබා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කීය.

මහනුවරදී ඊයේ (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය. ජත්‍යන්තර මූල්‍ය අරමුදල හා ගිවිසුම්ගත වීමෙන් පසු සැලකිය යුතු ලෙස රටට ආයෝජන ගලා එමින් තිබෙන බව ද ඒ මහතා පැවසුවේය. අරගලය නිසා ඇති වූ අයහපත් බලපෑම් නිසා පසුගිය වසරේ මුල් භාගයේදී අපේක්ෂා කළ අයුරින් ආයෝජන නොලැබුණු නමුත් අග භාගයේදී අපේක්ෂා කළ මට්ටම ද අබිබවා රටට ආයෝජන ගලා ආ බවත් මෙම වසරේදී ඩොලර් බිලියන 4.5ක ආයෝජන ඉලක්කය වෙත ළඟා වීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් අමුණුගම මහතා කීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT