Home » රොබරෝසියා මල් වන්නියට චමත්කාරයක්

රොබරෝසියා මල් වන්නියට චමත්කාරයක්

by sachintha
April 19, 2024 1:11 am 0 comment

වන්නිය පමණක් නොව මේ වන විට රටේ බොහෝ ප්‍රදේශ වියළි කාලගුණය නිසා වියළී ගොසින්ය.

ඒත් පෙර නොදකින ලද දම්පැහැති රොබරෝසියා මල් ගොමුවල මල්වලින් මේ දිනවල වන්නියේ විවිධ ප්‍රදේශ විවිධ රටා මවා තිබේ. මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාර්ගය ද වවුනියාව අධිකරණය ඉදිරිපිට මාර්ගයද පමණක් නොව තවත් බොහෝ මාර්ග ද මේ දිනවල මේ දම්පැහැති රොබරෝසියා මල් බිම වැතිරීමෙන් හා ගස් මත පිපී සුළඟට සෙලවීමෙන් මුළු පරිසරයටම ගෙන දෙන්නේ මනා චමත්කාරයකි.

ඒ දසුන් දෙස බලා සිටින විට දාහය රශ්මිය හා විඩාව මොහොතකට හෝ සන් සිඳවන්නට තරම් ස්වභාව සෞන්දර්ය පොහොසත් වී තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT