කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් විසින් රචිත, නාට්‍ය සිනමා සහ රූපවාහිනී අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යය සම්බන්ධයෙන් එම නාට්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක දැක්වූ අදහස්.
මනුෂ්‍ය පුත්‍රයා කොහොමද වේදිකාවට ගේන්නේ?
මනුෂ්‍ය පුත්‍රයා නාට්‍ය රචනා කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයීය බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන්. මෙම නාට්‍යය ඔහු රචනා කරන්නේ අධ්‍යයන පර්යේෂණ කාර්යභාරයක් විදිහටයි. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සෑම ශාස්ත්‍රීය අධ්‍යයනයක්ම සම්බන්ධ වන්නේ ලිඛිත දේවල් සමඟයි. ප්‍රායෝගික ශාස්ත්‍රීය අධ්‍යයනයක් ඇත්තටම දකින්න ලැබෙනවා අඩුයි. ඔහු මේ නාට්‍යය අධ්‍යයන කාර්ය සඳහා රචනා කිරීමේදී ඔහු බලාපොරොත්තු වුණේ පර්යේෂණ කාර්යභාරයක් ඇතුළත ප්‍රායෝගික නිර්මාණ කාර්යයක් සිදු කරන්නේ කොහොමද කියන එක ප්‍රේක්ෂකයාට පෙන්වා දෙන්නයි. ඇත්ත වශයෙන්ම මෙම නාට්‍යය විජිත් රොහාන් රචනා කරන්නේ ඔහුගේ ආචාර්ය උපාධියේ කොටසක් හැටියටයි. ඔහුගේ රචනය අපට දෙනවා නාට්‍ය නිෂ්පාදනයක් කරන්න. අපි නාට්‍ය හා රංගකලා අධ්‍යයන අංශය විදිහට එය භාර ගන්නවා. එක අධ්‍යයන අංශයක් විසින් නාට්‍ය රචනා කරනවා. තවත් අධ්‍යයන අංශයක් එය නාට්‍ය නිෂ්පාදනයක් බවට පත් කරනවා. මේ නාට්‍යයේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයන අංශය සහ නාට්‍ය සිනමා සහ රූපවාහිනී අධ්‍යයන අංශය යන අධ්‍යයන අංශ දෙක එකතුවයි.
මෙම නාට්‍යයට පාදක වුණේ කුමක් ද?
විජිත් රොහාන් මේ නාට්‍ය රචනා කරන්නේ මාකුස්ගේ ජීසස් නැත්නම් මාකුස්ගේ සුබාරංචිය පාදක කරගෙනයි. බයිබලය තුළ ජීසස්ගේ ජීවිත කතාව පිළිබඳ ලියවුණු සුබ ආරංචි හතරක් තිබෙනවා. මාකුස්ගේ සුබාරංචිය එම සුබ ආරංචිවලින් ප්‍රධාන එකක්. ජීසස්ගේ මරණය හා සමකාලීනව ලියැවුණු සුබ ආරංචියක් තමයි මාකුස්ගේ ජීසස්. මනුෂ්‍ය පුත්‍රයා නාට්‍ය රචනයට මූලික වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ජීසස් හඳුන්වන්නේ දේව පුත්‍රයෙක් විදිහට. මාකුස්ගේ දකින ජීසස්ගේ ප්‍රවෘත්ති ඇතුළේ ජීසස් කියන්නේ දිව්‍යමය මනුෂ්‍යයෙක් නෙවෙයි, ජීසස් මනුෂ්‍ය පුත්‍රයෙක් බව කියන්න උත්සාහ කරනවා. මේ කතාව ජීසස් සමඟ ඉන්න අනුගාමිකයන්ට තේරුම් ගැනීමට නොහැකි වෙනවා.
ඔබගේ අනෙකුත් නාට්‍යවලට වඩා මෙහි තිබෙන වෙනස්කම් මොනවා ද?
සාමාන්‍යයෙන් ඕනෑම නාට්‍යකරුවෙකු ගත්තාම තමන් යන ගමනෙන් බරපතළ විදිහට පිට පනින්න බැහැ. මම නිෂ්පාදනය කළ ඇන්ටිගනි, ඊඩිපස් වගේ නාට්‍ය ගත්තාම ජීසස් ජීවත් වීමට පෙර වසර 400 – 500ක් එහා ලියැවුණු නාට්‍ය. හැබැයි මනුෂ්‍ය පුත්‍රයා නාට්‍ය නිෂ්පාදනය ආරම්භ කරනකොට මට තිබුණේ එක අරමුණයි. මේ මොහොතේ මට තිබෙන සමාජ වගකීම මොකක්ද. ආචාර්යවරයෙක් විදිහට මට සමාජ වගකීමක් තිබෙනවා. මිහිපිට ජීවත් වන මනුෂ්‍යයෙක් හැටියට මට සමාජ වගකීමක් තිබෙනවා.
මෙම නාට්‍යය පාස්කු නාට්‍යවලින් වෙනස් වෙනවා ද?
සමාන්‍යයෙන් පාස්කු නාට්‍යයක් පාස්කු කාලයට සීමා වෙනවා. මේ නාට්‍ය රචනා කිරීමේ සහ නිෂ්පාදනය කිරීමේ පසුබිම ගත්තාම මෙය රචනා වෙන්නේ සහ නිෂ්පාදනය වන්නේ පාස්කු නාට්‍යයක් විදිහට නෙවෙයි. පාස්කු නාට්‍යයක මූලික ලක්ෂණය දුක්ඛඃ ප්‍රාප්තිය. ජේසුස් වහන්සේගේ මරණයේ වේදනාව, ඔහු දුකට පත්වීම සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකාගාරයට විඳීමට හැරීම දුක්ඛඃ ප්‍රාප්තියයි. නමුත් මෙම නාට්‍ය නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික දුක්ඛඃ ප්‍රාප්ති නාට්‍යයක් ලෙස හෝ පාස්කු නාට්‍ය හැටියට නෙවෙයි. පාස්කු නාට්‍යයක් නම් යම්කිසි කාලයක නිෂ්පාදනය කරලා අවසන් කරනවා. පාස්කු නාට්‍ය පාස්කු කාලයෙන් එහාට ගිහින් පෙන්වන්නේ නැහැ. සම්මත දුක්ඛඃ ප්‍රාප්ති නාට්‍යයෙන් මිදිලා මේක ජීසස් ගැන කරපු නාට්‍යයක්. මේ නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ජීසස්ගේ චරිතය දිහා වින්දනාත්මකව බැලීමක්.
නාට්‍ය නරඹන ප්‍රේක්ෂකාගාරයට මොන වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ද?
පාස්කු නාට්‍ය කිව්වාම පාස්කු කාලයට සීමා වෙනවා. ඒක කතෝලික හෝ ක්‍රිස්තියානි අයට සීමා වෙනවා. හැබැයි මේ නාට්‍ය රචනා කරන්නේ යම්කිසි ආකාරයකට කතෝලික පසුබිමක් සහිත ආචාර්යවරයෙක්. නමුත් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සම්පූර්ණයෙන් බෞද්ධ ආගමික පසුබිමක් සහිත ආචාර්යවරයෙක්. මේ වගේ නාට්‍යයක් රචනා කරනකොට ජීසස්ගේ චරිතය සම්බන්ධයෙන් පූර්ව කියවීමක් තිබීම වැදගත් කාරණයක්.