Home » ආචාර්ය ඒ.ටී.ආරියරත්න දේහයට අවසන් බුහුමන්: මහ පිරිසක් රාවතාවත්තට

ආචාර්ය ඒ.ටී.ආරියරත්න දේහයට අවසන් බුහුමන්: මහ පිරිසක් රාවතාවත්තට

by sachintha
April 19, 2024 1:00 am 0 comment

දේහය තැන්පත් කර ඇති මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානය වෙත ගිය සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක කොටපිටියේ රාහුල අනු නාහිමියන් අවසන් ගෞරව දක්වමින්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරුයි මේ.

 

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයට ගිහි පැවිදි සම්භාවනීය පිරිස් පැමිණෙමින් සිටිති.

ආචාර්ය ඒ.ටී.ආරියරත්නයන්ගේ දේහය මහජන ගෞරවයට ඉකුත් 17දා සවස 6.00 සිට 20දා සෙනසුරාදා දහවල් 01 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ දම්සක් මැඳුරේ තැන්පත් කර තිබෙන බව සර්වෝදය මූලස්ථානය පවසයි.

දේහය හෙට (20) පස්වරු 1.30ට සර්වෝදය මූලස්ථානයේ සිට කොළඹ 7 පිහිටි නිදහස් චතුරශ්‍රය දක්වා රිය පෙරහරකින් රැගෙන යන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සහ ආගමික වතාවත් රාජ්‍ය ගෞරව සහිතව එදින සවස 4.00ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව සර්වෝදය මූලස්ථානය සඳහන් කරයි.

කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT